Keheli.lk

10% OFF

Sudu Rate Kalu Gahanu-සුදු රටේ කළු ගැහැණු

රු1,080.00

2019 වර්ෂයේදී මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද බර්නඩීන් එවරිස්ටෝගේ ‘Girl, Woman, Other’ නවකතාව එකිනෙකට ඉඳුරාම වෙනස් චරිත දොළහක ජීවන අරගලය පිළිබිඹු කරයි. ඔවුහු සියලු දෙනාම බ්‍රිතාන්‍ය කළු ජාතික ගැහැනු වෙති.ඔවුන් රටේ සතර දිග් බාගයේ විසිරී හිඳිමින් සිය පවුලේ සාමාජිකයන් ද, ඥාතීන්ද, මිතුරු මිතුරියන් සහ ආදරවන්තයන්ද ඇසුරේ කාලාන්තරයක් පුරා විඳි අත්දැකීම් මුදා හරින්නට ලේඛිකාව පෑන මෙහෙයවා ඇත්තේ ඉතා දක්‍ෂ ලෙසටය.බහු වාර්ගික සමාජයක් තුළ ඔවුන් අත්දකින ඒ අපූර්ව වූ සංසිද්ධීන් පාඨකයාගේ සිත නිරන්තරවම විස්මයටත්, කම්පනයටත් පත් කරවයි.සුදු රටේ කළු ගැහැනු’ නුතනයේ වියමනකි. එහි ප්‍රබලත්වය සහ විවෘත හැඟීම් ප්‍රකාශනය කියවන්නාගේ කල්පනා ලෝකය මුළුමනින්ම වෙනත්ම දිශානතියකට යොමු කරවන්නට සමත් වේ.බ්‍රිතාන්‍ය නයිජීරියානු සම්භවයක් ඇති කතුවරිය බුකර් සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබු ප්‍රථම කළු ජාතික ලේඛිකාව ලෙස ඉතිහාසයට එක්වන්නීය. සාහිත්‍ය ක්‍රියාකාරිනියක ලෙස මෙම ග්‍රන්ථය තුළින් කළු ජාතිකයන් වෙනුවෙන් ඇය සිදු කොට ඇත්තේ අගනා මෙහෙවරකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Sudu Rate Kalu Gahanu-සුදු රටේ කළු ගැහැණු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat