Sri lanka cricket pitiye ran swaraya premasara apasingha – ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය ප්‍රේමසර ඈපාසිංහ
රු800.00
පැහැබර අහස යට නොකැළැල් සුදු ඇඳුමෙන් සැරසී මනරම් පිති-පන්දු හරඹ කළ යුගයක් විය. දැන් එය අනුරාධපුර යුගය තරම් ඈතින්, විශ්මයජනක ලෙස අපට දැනුණත් එදත් සිටියේ ක්‍රිකට් ඇසින් දුටුවන්ට වඩා සවනින් අසා, මනසින් ඒ වටා රොක්වුණු ජනකායක්. එය ප්‍රේක්ෂකාගාරයක් නොව ක්‍රිකට් ශ්‍රාවකාගාරයක් කීවත් වැරදි නෑ. හැබෑ විස්මය නම් වැඩිකල් නොගොසින් ඔවුන් මේ ආගන්තුක ක්‍රීඩාව මෙරට ඉතිහාසය වෙනස් කරන්නට තරම් තම වසඟයට ගැනීමයි.
එසේ වූයේ උපන් රටේදිත් ‘මහත්වරුන්ගේ ක්‍රීඩාව’ ලෙස විරුදාවලි ලැබූ මේ අපූරු සෙල්ලම නොදන්නා රටක පොදු මිනිසුන් අතට යෑමෙන් නොවේ. පොදු මිනිසුන් අතරින් මහත්මා ගණයේ ක්‍රීඩකයන් හා ක්‍රීඩාලෝලීන් බිහිවීමෙනි.මේ දෙපොළ යා කළෝ නිවේදක මහත්වරුය. එනම් ගුවන් විදුලියෙන් හා කලකට පසු රූපවාහිනියෙන් පිටියේ විස්තරේ පිලේ, කඩපොලේ සිටි අයට එවෙලේ පණ පිහිටුවා කී අයයි. ඒ මුහුණු ද අප දැක තිබුණේ නැත. ඒත් කටහඬින්, වචනයෙන් හා ඒ දෙකෙන්ම හරඹ කිරීමේ හැකියාවෙන් ඔවුන් පිති පන්දුකරුවන්ට දෙවැනි නොවේ. අපට ඔවුන් මැවී පෙනුණේ මැදපු කමිස, කලිසම් හා ගැළපෙන ටයි පටියකින් සැරසුණු, පිටියේ සිටි අයටත් එහා දැක්මක් තිබුණු අකම්පිත, අවිවාදිත මහත්වරුන් ලෙසිනි. ඒ අතරින් ද ශ්‍රී ලංකා පිලේ නායකයා තරමටම අප දැන සිටි මහත්මයා ප්‍රේමසර ඈපාසිංහය.









Reviews
There are no reviews yet.