Keheli.lk

10% OFF

Sinhala Wakkoshaya Ashritha Nuthana Prawanatha Saha Nawa Parimitha Swarupa – සිංහල වාක්කෝෂය ආශ්‍රිත නූතන ප්‍රවණතා සහ නව පරිමිත ස්වරූප

රු1,080.00

සමාජ ප්‍රවණතා සමග භාෂාවෙහි සිදු වන වෙනස් වීම්, භාෂා අධ්‍යයනයෙහි නියැලෙන්නන් ගේ අවධානයට ලක් විය යුතු ය. සිංහල භාෂාධ්‍යයන විෂයයෙහි ලා ද මෙම යාවත්කාලීන වීම වැදගත් ය. කොවිඩ් වසංගතය සහ අතථ්‍ය මුදල් ක්ෂේත්‍රය ආශ්‍රිත අදහස් සිංහල භාෂාවෙන් සන්නිවේදනයත් සමග ඒ සඳහා අවශ්‍ය වාක්කෝෂ ක්‍රමයෙන් විකාසය වූ ආකාරය, ඒ ඇසුරෙන් හඳුනා ගත හැකි භාෂා ලක්ෂණ වැනි කරුණු මෙන් ම කොවිඩ් වසංගතය සහ අතථ්‍ය මුදල් ක්ෂේත්‍රය පාදක කර ගනිමින් සිංහලයෙහි නව පරිමිත ස්වරූප හඳුනා ගැනීම වෙත ද මෙහි ලා අවධානය යොමු කෙරේ.

සිංහල භාෂා අධ්‍යයනයෙහි නියැලෙන්නන්, සමාජ ප්‍රවණතා සමග වාක්කෝෂයෙහි ඇති වන ප්‍රවණතා නොවැදගත් යැයි නො සලකා ඒ සම්බන්ධයෙන් සාවධාන වීම වැදගත් ය. ප්‍රධාන අංශ දෙකට අමතර ව එවැනි ප්‍රවණතා කිහිපයක් පිළිබඳ සැකෙවින් ගෙන හැර දැක්වීම ද මෙහි දී සිදු වෙයි. කාලානුරූපී ව සිංහල වාක්කෝෂයෙහි ඇති වන ප්‍රවණතා විමර්ශනයත් ඒ ඔස්සේ නව පරිමිත ස්වරූප හඳුනා ගත හැකි ද යන කාරණය පිළිබඳ අවධානය යොමු කිරීමත් සඳහා මෙම කෘතියෙන් ඇරියුම් කෙරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Sinhala Wakkoshaya Ashritha Nuthana Prawanatha Saha Nawa Parimitha Swarupa – සිංහල වාක්කෝෂය ආශ්‍රිත නූතන ප්‍රවණතා සහ නව පරිමිත ස්වරූප”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat