Keheli.lk

10% OFF

Sindarellamaya minisekuta-සින්ඩරෙල්ලාමය මිනිසෙකුට

රු333.00

කවියා සිතුවිලි ගඟට බසින්නේ හැකි ඉක්මනින් ආපසු ගොඩට එන්නට හෝ එහා ඉවුරට පිහිනා යන්නට නොවේ. ගංදිය රැලි වැලඳ ගනිමින්, ඒ සොඳුරු ඇකයේ නැළවෙමින් ආත්මය පිනවා ගන්නටය, ඉනික්බිතිව ඒ ආත්මය තමා අවට සිටින සියල්ලන්ගේම සිත් සතන් සනහාලමින් හෝ හැඟුම්බර කරමින්, කවිය ලෙසින් හුදී ජනයාගේ බුහුමනට ලක්වෙමින් අවකාශයේ සැරි සරන්නේය. කවියේ සැබෑ ස්වභාවය චිත්‍රණය කරන්නට කිසිවෙකුට පුළුවන්කමක් නැත්තේ එම නිසාය. එය තම තම නැණ පමණින් වටහා ගත යුතු. විඳිය යුතු අපූර්වතම රිද්මයානුකූල සිතුවිලි සමුදායකි. අහස පොළොව අතර ඇති දැවැත්ත වුත්, ඇසට පෙනෙන නොපෙනෙන තරම් ක්ෂුද්‍ර වුත් සියල්ල තුළම කවියක් සැඟවී තිබෙන බැව් දන්නේ කවියෙකු පමණකි. කවියා තමන් වෙනුවෙන් නොව මුළුමහත් ලෝකයම වෙනුවෙන් ඒ කවිය සොයා යන්නේය. එය සොයා ගත හැක්කේ සෑහෙන පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවය. මෙතෙක් නවකතාකාරියක ලෙස අප හැඳිනගෙන සිටි චින්තනී අමරසිංහත් ඒ අසීරු ගමනට පිළිපන් බව ඇසීමෙන් මම අමන්දානන්දයට පත් වීමි. සැබැවින්ම නියම කවිය ඇත්තේ වදන් පේළිවල නොව ඒවා අතර හිස් ඉඩ වරයේය. පාඨකයාට ඒ කවිය කියවා ගන්නට ඉඩ දීම දක්ෂ කවියෙකුගේ ලක්ෂණයකි. මා චින්තනී තුළින් අනාගත මහ කිවිදියක දකින්නේ ඇගේ නිර්මාණ තුළ ඒ ලක්ෂණය නොඅඩුව පවතින නිසාය.
චන්දි කොඩිකාර

Reviews

There are no reviews yet.

Be the first to review “Sindarellamaya minisekuta-සින්ඩරෙල්ලාමය මිනිසෙකුට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat