Keheli.lk

10% OFF

Silonayen Sri Lankawata – සිලෝනයෙන් ශ්‍රී ලංකාවට

රු1,350.00

මේ කෘතිය ශ්‍රී ලංකාවේ සමාජ අවකාශය ඓතිහාසික ව ගොඩනැගී ඇති ආකාරය ගවේෂණය කරයි. ලෝක පද්ධති පර්යාවලෝකයක භූ – දුර්ශන අර්ථ නිරූපණ ක්‍රමවේදයන් යටත් විජිතවාස්තු විද්‍යාව හා නාගරීකරණය පිළිබඳ න්‍යායනුත් උපයෝගී කර ගනිමින් යටත් විජිතකරණ සහ පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාව ගොඩනැගීම දොප නිහාල් පෙරේරා බලන්නේ, මේ එක් එක් කාලයේ සිදු වූ අවකාශීය පරිවර්තනයන් සැලකිල්ලට ගනි වින්ය; දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික පද්ධති පරිවර්තනයට ලක් කිරීමේ කොටසක් ලෙස මෙම අවකාශීය අංශවල අන්තර් – සම්බන්ධතා සහ අර්ථයන්ද පෙන්වා දෙමිනි කතුවරයා මේ කර්තව්‍යයන් අර්ථකථනය කිරීමේදී ගොඩ නැගීම, භූමිය බලයෙන් අත්පත් කර ගැනීම, නාගරික භූ දර්ශන සහ නිර්මිත අවකාශයන්හි ඇති වැදගත්කව තේරුම් ගැනීම මැනවිත් විශ්ලේෂණය කරයි. මෙම කෘතිය ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාව ලෝක පද්ධතිය තුළ ස්ථානගත කර ඇති ආකාරය අර්ථ විවරණය කිරීමේදී අවකාශය පහ ගොඩනගන ලද පරිසරය, කේන්ද්‍රීයව වැදගත් වන ආකාරය සොයා බලයි. ඒ සමගම එය දේශීය දේශපාලනයේ හා සංස්කෘතියේ නිශ්චිතකරුණු පිළිබඳ පංවේදී භාවයන්ද විශ්ලේෂණයට ගෙන එය පශ්චාත් යටත් විජිතපරිධියේ සිට සිය රචනා කරණයේ යෙදෙන නිහාල් පෙරේරා තර්ක කරන්නේ. ඕනෑම පමාජයක් හා සංස්කෘතියක් අවබෝධ කරගැනීමට උත්සාහ දරන්නවුන්ට අවකාශය හා සංස්කෘතිත අවකාශීය ව්‍යුහයන් ගොඩ නැගීම පාලනය කරන දේශපාලනික ගතික තේරුම් ගැනීම මූලික වශයෙන් වැදගත් වන බවයි

Reviews

There are no reviews yet.

Be the first to review “Silonayen Sri Lankawata – සිලෝනයෙන් ශ්‍රී ලංකාවට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat