Keheli.lk

20% OFF

Sen Bodu Katha – සෙන් බොදු කතා

රු600.00

පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. නස්රුදීන් සහ සුෆි’ උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිතකතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කල්හි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිතපුද්ගලයා තමන්ටත් ලෝකයටත් මහගු දායාදයකි. සරලව සිංහල බසට නගා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකිය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණය. මෙබඳු වටිනා ගතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පර්සි ජයමාන්නයන්ට සැමගේ ප්‍රශංසාව හා ගෞරවය හිමිවිය යුතුය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sen Bodu Katha – සෙන් බොදු කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat