Keheli.lk

10% OFF

Sathsada nohoth mali almedage hathdawasa-සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

රු1,620.00

The Seven Moons Of Maali Almeida a විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රම වේදයත් නිසාය.’

2022 BOOKER PRIZE

සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්.

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ.

කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරීමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි.

මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

ජාත්‍යන්තර සම්මානලාභී Chinaman සමග ප්‍රමුඛ ශ්‍රී ලාංකික නිර්මාණ කරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන් කරුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරී ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි.

මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ.

Reviews

There are no reviews yet.

Be the first to review “Sathsada nohoth mali almedage hathdawasa-සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat