Keheli.lk

15% OFF

Saradhiyel – සරදියෙල්

රු331.50

” බුදු අම්මෝ මං ඉවරයි’ කොලුවා විලාප දෙන්නට විය.
ඒ හඬ අසා එතැනට දිව ආ ඔහුගේ මව, සිය පුතුට සිදුවී ඇති දෙය දැක විලාප තබන්නට වූවාය.
කරත්තය දක්කාගෙන එතැනින් යමින් සිටි සරදියෙල්ට සහ මම්මලේට මවගේ විලාපය ඇසී ගමන නතර කර එතැනට ආවේය.
” ඇයි අම්මේ? ” සරදියෙල් ඇසුවේ පුතෙකු මෙනි.
මව විස්තරය කීවාය.
” අම්මා බය වෙන්ට එපා. මං පුතා බේරලා දෙන්නම් ” සරදියෙල්, මව අස්වැසුවේය.
” පුතාට දෙයියන්නේ පිහිටයි!” මව සරදියෙල් දෙස බැලුවේ දුකිනි.
” මම්මලේ! මේ දරුවා කරත්තෙට දාමු ඉක්මනට, අර සුද්දන්ගේ බඩු ගන්න වැඩේ කල් දාමු ” පවසමින් සරදියෙල් දරුවා ඔසවා ගත්තේය.
කැඩුම් බිඳුම් වෙදකු සොයා ගිය සරදියෙල් සහ මම්මලේ, ගහෙන් වැටී අතපය කැඩී සිටි දරුවාට බෙහෙත් කළේය. දරුවා සුවවෙන තුරුම ඔහු ගැන සොයා බැලුවේය. සරදියෙල් කොතරම් හොඳ පුද්ගලයෙකු දැයි එදා ගම්මු දැන ගත්තෝය.
සරදියෙල් දුප්පත් කිසිවකුට හිරිහැර නොකළ මුත් එකල සුද්දන්ගේ බොරු ප්‍රචාර හා ඒවා තව තවත් ප්‍රචාරය කරන්නට සිටි සිංහල කළු සුද්දන් නිසා ඇතැමෙකු “සරදියෙල්” නමට ඇති කරගත්තේ බොරු බියකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Saradhiyel – සරදියෙල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat