Keheli.lk

15% OFF

Rivertan Madura – රිවර්ටන් මැදුර

රු1,912.50

ජෝතිමත් ප්‍රිය සම්භාෂණයක් පැවැත්වෙන සන්ධ්‍යාවක, ගම්බද ඉංග්‍රීසි ප්‍රභූ මැදුරකදී, තරුණ කවියෙක් සිය පණ නසා ගනියි. එම මරණයෙහි එකම ඇසින් දුටු සාක්කිකරුවන් යුගලය වෙන හැනා සහ එමලින් හොටිෆඩ් දෙසොහොයුරියෝ නැවත කිසි දිනෙක එකිනෙකා සමග කතාබස් නොකරකි.

1999 සිසිරය

කවියාගේ සිය දිවි නසා ගැනීම පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටින තරුණ අධ්‍යක්ෂකවරියක් වරෙක රිවර්ටන් මැදුරේ සේවිකාවක වූ දැන් අනූඅට හැවිරිදි වියේ පසු වන ග්‍රේස් බ්‍රැඩ්ලි හමුවීමට පැමිණෙයි. අවතාර නොසන්සුන් වෙති. දීර්ඝ කාලයකට පෙර ග්‍රේස්ගේ මනසේ අඳුරු අහුමුලුවල සිර කර තැබුණු මතකයන් එබිකම් කිරීම අරඔයි. කම්පනයට පත් කරවනසුලු රහසක් හෙළිදරවු වීමේ තර්ජනයක් ඇති වේ. එය ඉතිහාසයට අමනක වූ නමුදු ග්‍රේස් හට කිසි දිනෙක අමතක කර දැමීමට නොහැකි වූ යමකි.

යුද්ධයෙන් විනාශ වූ එඩිවඩියානු ගිම්හානය ආශාවන් සන්තර්පණය කිරීම ප්‍රමුඛ කරගත් එක්දහස් නවසිය විස්සේ දශකයට ඉඩ ලබා දුන් කාල සීමාවේ සිදුවීම් පසුබිම් කරගත් රිවර්ටන් මැදුර ත්‍රාසජනක අබිරහසකි, ආකර්ෂණීය ආදර අන්දරයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Rivertan Madura – රිවර්ටන් මැදුර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat