Keheli.lk

10% OFF

Rahas parikshakaya athurudan – රහස්පරීක්ෂකයා අතුරුදන්

රු270.00

සුප්‍රකට රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී
සර් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලියැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරු වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 2218 දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුප්‍රකට ලිපිනයක් බවට පත්ව තිබේ.
Baker Street lrregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විටෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් කැල ගැන මුල්ම ෂර්ලොක් හෝම්ස් කතාවේත් තවත් කතා තුනකත් සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ වින්ස් හට පමණකි. සෙසු යෞවනයන් මේ කෘතියේ කතුවරයා වූ ඇන්තනි රීඩ් විසින් ඔහුගේ රූපවාහිනී කතා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයෝ වෙති. ඇන්තනි රීඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියැවුණු The Case of the Disappearing Detective නම් කෘතිය මෙසේ සිංහලට නැඟෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතා ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩ්ස් අතිනි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Rahas parikshakaya athurudan – රහස්පරීක්ෂකයා අතුරුදන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat