Keheli.lk

10% OFF

Premakshara-ප්‍රේමාක්ෂර

රු765.00

***2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව***


මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.
සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු සිත වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.
ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා 。 ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.
වත්මනෙහි, ප්‍රේමාක්‍ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.
සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.
“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.
මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමග වෙසෙන බැවිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Premakshara-ප්‍රේමාක්ෂර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat