Keheli.lk

10% OFF

Prabuddha – ප්‍රබුද්ධ

රු585.00

සතුටෙහි ගැටෙමින් පීඩනයට පත් වෙමින් දුක වැලඳ ගෙන උද්දාමයට පත් වෙමින් බහල තිමිර පටලයක් මැදින් ගමන් ගන්නා අපට කුරිරු දෑත් විදා ලුහු බැඳ ගෙන එන අසහනයෙන් මිදෙනු වස් පිළිසරණක් ලද හැක්කේ කොහින්ද?
මහගම සේකර කිවිඳුන් මෙම කාව්‍යයෙන් පවසන පරිදි පුද්ගල අනුභූතියෙහි පිහිටා පසක් කොට ගත් බුදු දහමෙහි මානුෂික හරයෙනි. කාලීන සමාජ සංකේත ස්තබකයක් ආශ්‍රයෙන් කවියා බුදු දහමේ හරය අප ඉදිරියේ ගෙනහැර පාන්නේ අපූරු කල්පනා ශක්තියකින් යුතු ව ය. මහගම සේකරයන්ගේ පරිණත කවීත්වයෙහි
අග්‍ර ඵලය ප්‍රබුද්ධ කාව්‍යයයි.
පර්යේෂණකාමී නිර්මාණාත්මක බුද්ධියේත් සියුම් වින්දන ශක්තියේත් සහජයෙන් ලද භාෂාධිපත්‍යයේත් සුසංයෝගය මෙම කෘතියෙන් පිළිබිඹු වේ. ගත් වහර, ගැමි වහර, පුර වහර එක් වී සකස් වුණු සුන්දර භාෂා ප්‍රවාහයක් මතුයෙහි විචිත්‍ර වින්දන පථයක් ඔස්සේ අප කවියා අප කැඳවා යන්නේ අපට හොරා අපගේ නැණස පාදාලමිනි. කවියන්ගේ පිය පහස අනවරතයෙන් ලද යුතු සන්මාර්ගය ද මෙය ම නො වන්නේ ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Prabuddha – ප්‍රබුද්ධ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat