Pinsara dutu nan wisithuru-පින්සර දුටු නන් ව්සිතුරු
රු600.00 රු540.00
පියසේන වික්‍රමගේ ලේඛකයාණන් විසින් ලියන ලද නුගේගොඩ පින්සර දුටු නන් විසිතුරු ‘ පින්සරගේ ළමා වියෙහි කතන්දර (1950 – 1958 දක්වා) පොත කියවන විට, ඉහතින් සඳහන් කළ කරුණ මතක් විය. 1959 උපන් මම, 1980 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට යන කල නුගේගොඩ ඔස්සේ ගමන් කරමි. අද දක්වාම එය එසේමය. එබැවින් මේ පොතේ සඳහන් සිදුවීම් සංඥානාම, සංකේත, අවස්ථා, සිද්ධි, පුදුමාකාර සතුටක් චමත්කාරයක් අනුභූතික් මෙන්ම දැනුමක් ද මවෙතලබා දුන් බව නොකියාම බැරිය.
සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පුහුණු වෙමින් සිසුන්ට උගන්වන මට ජන ජීවිතය සම්බන්ධ සැබෑ තතු අතිශය ප්‍රයෝජනවත් වෙයි. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, බෞද්ධ, හින්දු, කිතුනු හා ඉස්ලාම් කවර අංශයකින් ගත්තත් බහුජන සමාජ සංස්කෘතික වටපිටාවක් සහිත මේ පෙදෙසේ කොතරම් කලාකරුවන් ජීවත්වූවෝද?
පුංචි කෝච්චියේ යන විට නුගේගොඩින් යන ගමන ප්‍රීතියක් විය. මේ රසාලිප්ත අර්ථවත් කෘතිය කියවන කුමන තරාතිරමක හෝ පාඨකයා බොහෝ සේ සතුටට පත්වනු ඇතැයි හොදාකාරවම විශ්වාස කරමි.
එහෙයින් මා කුඩා කාලයේ සිට දන්නා හඳුනන පියසේන වික්‍රමගේ සුළවතාණන්ගේ මේ වෑයම සැමටම ප්‍රයෝජනවත් වනු ඇත. අප කතුවරයාට සුබාසිරි පිරිනමනු කැමැත්තෙමි.









Reviews
There are no reviews yet.