Keheli.lk

10% OFF

Petha-පේත

රු225.00

සාකච්ඡා සමුළු – කටඋත්තර ඡායාරූප – කෙටි නාට්‍ය කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන්
ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකූලත්වයේ ගිලුණු සමාජයක නද අඳුරු ඇතුළාන්තය නිරූපණය කරයි. ජීවමාන මිනිස් චරිත තරමටම ක්‍රියාකාර් වන්නා වූ මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝව්කාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබඳ නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි. මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඬය – ස්වකීය දුක්ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද , දේශපාලනයෙන් සෞන්දර්යට ද ළඟා වෙයි. තරණය කළ නොහැකි අපේ කාලයේ ක්ෂිතිජය ලෙස සටහන් වන දේශපාලන ඉතිහාසය තුළ මෙරට හුදී ජනයාගේ දෛනික ජීවන වාසස්ථානය හමු වෙයි. ජීවිත අවදානම සහිත කැරැලිකාර දේශපාලන ශ්‍රමය මධ්‍යයේ ශුද්ධ වූ පවුලේ රහස ලෙස මිහි පිට කැරැලිකාර පවුල බිහි වෙයි.

*2020 ස්වර්ණ පුස්තක සම්මාන දිනූ විශිෂ්ටතම නවකතාව

Reviews

There are no reviews yet.

Be the first to review “Petha-පේත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat