Patisandi – පටිසන්ධි
රු1,485.00
රට තුළ භාෂා ක්ෂේත්රයේ නොඇසූ විරූ ආන්දෝලනයක් ඇති කිරීමේ විභවයක් ඇති මේ දුර්ලභ ග්‍රන්ථය අනාගත වර්තමාන විද්වත් ප්‍රජාවගේ බස් අත් පොත වනු දැකීම මගේ ඒකායන අභිලාෂය යි. මෙය මහ පඬි කුමාරතුංගයන්ගේ ව්‍යාකරණ විවරණයෙන් පසුව පහළ වූ ඒ වර්ගයේ එක ම පොත බව මම සිතමි.
සිංහල භාෂා සාහිත්‍ය හා පුරාණාක්ෂර විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් ඇති වාග් විද්‍යාව හා ප්‍රාචීන භාෂා උගතකු වන වෛද්‍ය බණ්ඩාර සෙනෙවිරත්න සංගීත විශාරදවරයකු හා ගේය පද රචකයෙකු ද වෙයි. හේ රජරට විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයකු ලෙසද සේවය කර ඇත. ඔබගේ නොහිම් ගී මියුරස කිසියම් සඳ පහන් රැයෙක යහමින් විඳගන්නට දවසක් උදා වනතුරු මම අතැගිලි ගනිමි.
හෙළ බස මෙයාකාරයෙන් ගැඹුරු ගවේෂණයකට ලක් කරන ලද ඒ අනුසාරයෙන් විරල නියාම ධර්මයන් කිහිපයක් ම ලොවට අනාවරණය කර දී ඇති මෙම පොත අසිරිමත් සංසිද්ධියක් පරිද්දෙන් පාඨක වර්ගයාට පෙනී යනු ඇතැයි මම සිතමි.
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි








Reviews
There are no reviews yet.