Keheli.lk

20% OFF

Pahi, Kiri Saha Diya Se – පෑහී, කිරි සහ දිය සේ

රු800.00

විශ්වීය ප්‍රේමය වන මෛත්‍රිය පිළිබඳ බුදුන් වහන්සේගේ ඉගැන්වීම බෞද්ධ ප්‍රජාවෙන් පරිබාහිර අය අතර පවා, පුළුල් ලෙස ප්‍රචලිත වූවකි. එතරම් ප්‍රසිද්ධ නැති දෙය, ප්‍රේමය ප්‍රකාශ වන විවිධ ආකාරයන් පිළිබඳ ව පැවසීමට බොහෝ දේ බුදුන් වහන්සේට තිබී ඇති බව ය. මේ පොත විනය –  සූත්‍ර පිටකයන්හි විසිර තිබෙන ඒ තොරතුරු එකතුවකි. ඒ අතර, ශුද්ධ බයිබලය මෙන් ම, බෞද්ධ මතයට සමීප අදහස් දක්වන තවත් තැන් කිහිපයක් ගැන ද තොරතුරු එකතු කෙරෙන්නේ, පොදු පාඨකයාට වඩාත් ඵලදායක, ප්‍රායෝගික මග පෙන්වීමක් වශයෙනි.

1951 ඕස්ට්‍රේලියාවෙහි උපන් ධම්මික හාමුදුරුවන් සැවැත් නුවරදී, මැටිවල සංඝරතන නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි වන්නේ, 1976 දී ය. ශ්‍රී ලංකාවට වැඩම කරන උන් වහන්සේ, ශ්‍රී ලංකා විද්‍යාලය සහ පේරාදෙණි සරසවිය ඇසුරෙහි බුද්ධ ධර්මය හදාරති. අද උන් වහන්සේ ලෝක ප්‍රකට බෞද්ධ ලේඛකයෙකු මෙන් ම දේශකයෙකි. උන් වහන්සේගේ තවත් පොත් කිහිපයක් නොබෝ දිනෙකින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් සිංහල පාඨකයා අතට පත් වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Pahi, Kiri Saha Diya Se – පෑහී, කිරි සහ දිය සේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat