Keheli.lk

15% OFF

Osirisge Ran Aakaraya-ඔසිරිස්ගේ රන් ආකරය

රු2,040.00

ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදිනියක වූ ඊව්කා
ක්ලයින්බර්ග්ගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ජෙරුසලෙම් පොලීසියේ අර් බෙන්රෝයිට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුනේ ජෙරුසලෙමේ ආමේනියම් මහ පල්ලියේදී ය. නිර්භීත ලෙස කරුණු හෙලිකිරීම නිසා ක්ලයින්බන්ග්ට ඉහළ බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම්, ඊශ්‍රායල රජයේ නිලධාරීන් සහ රුසියානු මාෆියාව ඒ අතර විය.
මතුව තිබූ බාධක මැද බෙන්රෝයි ඔහුගේ පැරණි මිතුරකු වූ ලුක්සෝර් පොලීසියේ යූසුෆ් බලිෆාට දුරකථන ඇමතුමක් දී මෙම විමර්ෂණ සඳහා තමාට සහාය වෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඛේදජනක හදිසි අනතුරක් නිසා තම පුතු අහිමිවීමේ වේදනාවෙන් සිටියත් එයට සහායවීමට බලිෆා එකඟ විය. ක්ලයින්බර්ග් ඇයගේ මරණයට පෙර විමර්ෂණය කරමින් සිටි, 1930 දශකයේ සිදුවූ බ්‍රිතාන්‍ය ජාතික ඊජීප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැන ද ඔහු තොරතුරු හඹා ගියේය. හෙරෝඩෝටස් විසින් සිය කෘතිවල සඳහන් කර තිබූ වංගගිරියක් වැනි බෙහෙවින් සංකීර්ණ රන් ආකාරයක් ඊජිප්තුවේදියා විසින් සොයාගෙන ඇතැයි සලකනු ලැබීය. එහෙත් එම රන් ආකාරය සහ ක්ලයින්බර්ග්ගේ මරණය අතර පවතින සම්බන්ධතාවය කුමක්ද? ඇයගේ මරණයට හේතුව ඇය නැගෙනහිර යුරෝපීය හා ආසියාතික රට වලින් පැහැරගෙන හා වංචනික ලෙස රැගෙන එන තරුණයන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ආකාරය හෙලිකර ගැනීමට දරන ලද ප්‍රයත්නයද?

Reviews

There are no reviews yet.

Be the first to review “Osirisge Ran Aakaraya-ඔසිරිස්ගේ රන් ආකරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat