Nimi nathi raya-නිමි නැති රැය(Agatha christie)
රු837.00
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්‍ෂක කථා රැජින ලෙසය. ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
රූමත්, ධනවත් එලී. මයිකල් රොජර්ස්ට හමු වූ විට එය අහසට පොළොව හමුවීමක් මෙන් විය. මහා ධනස්කන්ධයකට හිමිකාරියක වූ එලීට හමුවුණු මයිකල්ගේ සිත්ගන්නා සුළු පෙනුම හැරෙන්නට, ඔහු නිකම්ම නිකමෙකු පමණක් ම විය.
“ජිප්සීස් ඒකර්” යැයි නම් ලත් තැනෙන දර්ශනීය නිවෙස ඔවුන්ගේ සිහිනය බලාපොරොත්තුව විය. එලීගේ සේව්කාව වූ අතිශයින්ම රූමත් ග්‍රේල්ටා අලුතෙන් හැදුණු ගෙදර නැවතීමට ඒම ගැන මයිකල් අසතුටක් දැක්වූව ද අභිගුණ්ඨික ගැහැනියකගේ අනාවැකිය ඵල ගැන්වීමට ඇගේ පැමිණීම හේතුවක් වී ද?
දෛවයේ බිහිසුණු පණිවුඩය ගෙන ආවේ කාටද? එලිගේත්, මයිකල්ගෙත්, ග්‍රේටාගේත් ඉරණම කුමක් වීද?
“නිමි නැති රැය” කියවා අවසානය දැන ගන්න.









Reviews
There are no reviews yet.