Nidana Wila – නිදන ව්ල
රු640.00
එපා…
මෙය සත්‍ය කතාවක් කියා රැවටී අතට ගන්නට එපා! ජෙම්ස් තම ග්‍රන්ථවල නිරතුරුවම ලියා තබන සටහනකි… දැන් මෙය හුදෙක් ඔහුට සත්‍යයක් නොව ඔහුට මෙය ජීවිතයම විය..
නමුත් එම ජීව්තය ද තව දුරටත් ඔහුට අයිති නැත…
එකවරම කාමරයේ දැල්වෙමින් තිබුණු ලා කහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරු කටු විසිරවමිනි.
මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දී නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය…. ඔරොලෝසු බට්ටාගේ කටු කැරකෙන · හඩ පමණක් දැන් ඔහුට ඇසේ… ටක්.. ටක් ..ටක්…
එකවරම ඇය මහත් වියරුවෙන්
හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි… ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත..
වැඩි වෙමින් පැවති කුණාටුවේ එක අකුණක් අහස් කුස තුල පුපුරා ගියේ මුළු කාමරයම එම එළියෙන් ආලෝකමත් වෙමිනි…
”දෙවියනේ…. ඈ එන්නෙ මා සිටින දිසාවට ද?”
ඔහු නිවැරදි ය…
මෙවර ඔහුට ගැලවීමක් නැත. මෙතෙක් ඔහු ගත කල ජීවිත කාලයම ඔහුගේ ඉදිරියේ මැව් පෙනෙන්නට විය..
අමුතු චාරිත්‍රයක්…. එකම විලක්… ඒ විල යට නින්දට ගිය මිනිසුන්
එකසිය විසි හත හමාරකගේ ජීවිත ඔහුට මතක් විය…
ඔහු මෙවර ද වැරදි නැත…
ගණන එකසිය විසි හතක් හා තවත් භාගයකි..









Reviews
There are no reviews yet.