Naitingel – නයිටිංගේල්
රු2,250.00
ඒ 1939 වසරයි.
කරිවො නම් නිහඬ ප්‍රංශ ගම්මානයේ දිවි ගෙවන වියැන් මොරියාක්, යුද පෙරමුණ කරා යන සිය සැමියා අන්තුවාන්ට සමුදුන්නද, නට්සි හමුදා විසින් ප්‍රංශය ආක්‍රමණය කරනු ලැබෙතැයි කිසිවිටෙක අපේක්ෂා නොකරයි. එහෙත්, නොසිතූ දෙයම සිදුවෙයි. නට්සීන්, ජර්මානු සොල්දාදු රංචු සහ යුද රථ පේළි සමගින් ප්‍රංශයට කඩා වදින්නේ සිවිල් වැසියන් මතට ගුවසින් බෝම්බ හෙළමිනි. ජර්මානු කපිතාන්වරයෙක් වියැන්ගේ නිවසේ බලහත්කාරයෙන් ලැගුම්ගන්නා විට වියැන්ට ඉතිරි වන්නේ විකල්ප දෙකකි. ඇය සහ ඇගේ දියණිය සතුරා සමඟ ජීවත්විය යුතුය. නැතහොත්, ඇය තමන් සතු සියල්ල අහිමි කරගත යුතුය. ආහාර සහ මුදල් සිඳීගිය කාලයක, බලාපොරොත්තුව මියැදුණු යුගයක, බැලු බැලූ අත අන්තරාය රජයන ලොවක ජීවත්වන වියැන්ට සිය පවුලේ පණනල රඳවා තබා ගැනීම සඳහා දුෂ්කර තීරණ මාලාවක් ගැනීමට සිදුවේ.
වියැන්ගේ නැගණිය වන, දහ අට වියැති ඉසඛෙල්, කුඩා කල සිටම විප්ලවකාරිනියකි. තාරුනණ්යයේ වගකීම් -විරහිත ආශාවන් පසුපස හඹා යන ඇය, තම ජීවිතය උදෙසා අර්ථාන්විත අරමුණක් සෙවීමට වෙහෙසෙයි. පැරිසියානුවන් දහස් ගණනක් යුද්ධයේ නොදන්නා භීෂණය තුළට ඇවිද යන මොහොතකදී, ඉසබෙල්ට ගයිතොන් මුණගැසේ. ප්‍රංශය තුළම රැදෙමින් නට්සින් සමඟ සටන් කිරීමට ප්‍රංශ ජාතිකයන්ට හැකි බව විශ්වාස කරන මෙම තරුණ කැරලිකරුවා සමග ආලයෙන් බැඳෙන ඉසබෙල්, අවසානයේදී තම පරම අරමුණ සොයාගනියි. ඒ, සිය ජීවතය නැවත නැවතත් අනතුරේ හෙළමින් අන්‍යයන්ගේ ජීවත බේරා ගැනීමයි









Reviews
There are no reviews yet.