Minis hithe haskam 7 – මිනිස් හිතේ හාස්කම් 7
රු225.00
මෙරට ධනාත්මක චින්තනයේ මුල් බිජුවට වපුළ පොත් පෙළක් ලෙසින් ‘මිනිස් සිතේ හාස්කම්’ හැඳින්විය හැකිය. සුමනදාස සමරසිංහයන් තමා අනුදත් සාර්ථකත්වයේ මංපෙත පාඨකයා වෙත පැවේ චිත්ත ධර්ම විද්‍යාව නමිනි.
හැටේ දසකයේ අග බාගයේ සිට අඩසියවසකට ආසන්න කාලයක් ජනමත පොබයූ චිත්ත ධර්ම විද්‍යා ඉගැන්වීම් අදටත් වලංගුව තිබීමෙන් පෙනී යන්නේ එහි ඇති සර්වකාලීන බවයි.
සියලු බාධක පරයා ජීවිතය ජයගත හැකි මං පිළිබඳව සරල, සිත්ගන්නා සුළු බස් වහරින් මෙන්ම සැකෙවින් ලිවීමට සමරසිංහයන් තුළ තිබූ නිසග හැකියාව මෙම පොත් පෙළ පාඨක ජනප්‍රියත්වය දිනාගැනීමට බලපෑ ප්‍රබල සාධකය විය. ‘මිනිස් සිතේ හාස්කමි’ පොත් පෙළ කෘති 10ක් දක්වා දිවෙයි. සමරසිංහයන් විසින් හඳුන්වාදෙන ලද චිත්ත ධර්ම විද්‍යා සංකල්පය දේශන, වැඩමුළු හා පුවත්පතක් මගින් තවදුරටත් සමාජගත කරන ලදි.
චිත්ත ධර්ම විද්‍යා උපදෙස් පිළිපැද ජීවිතය සතුටින් ගෙවන පිරිස ගැනද නිරන්තරට අසන්නට ලැබේ.








Reviews
There are no reviews yet.