| Weight | 0.2 kg |
|---|
Mergarad-මීර්ගරද්
රු256.00
නිකොලායි වසිලියේවිච් ගොගොල් විසින් රචිත ආදි කාලේ ඉඩම් හිමියෝ, දෙමිතුරෝ, වී යන සුප්‍රකට කතා තුන මේ කෘතියෙහි ඇතුළත් වෙයි. රුසියන් බසින් සිංහලයට නැගුණු මෙම කතා තෝරා ගෙන ඇත්තේ මීර්ගරද් නමින් ගොගොල් ප්‍රකාශයට පත් කළ කතා සංග්‍රහ දෙකෙනි. ආදි කාලේ ඉඩම් හිමියෝ රුසියාවේ උක්රයිනයේ පාරම්පරික පොහොසත් ඉඩම් හිමියන්ගේ ජීවන ප්රවෘත්තියකි. එම කතාව පුරාම එහි සෑම වචනයකින්ම ගැමි සුවඳ වහනය වෙයි. එය කියවන විට අපිද නොදැනුවත්වම ඒ අතීත, සුන්දර, හෘදයංගම ගමට පිවිසෙන්නෙමු. මෙහි එන දෙමිතුරෝ, ඉවාන් ඉවානවිච් ඉවාන් නිකිෆරෝවිව් හා දබර කර ගත් හැටි යනුවෙන් රුසියානු සාහිත්‍යයෙහි ප්‍රකට කතාවෙහි පරිවර්තනයකි. මෙම කතාව තරම් හාස්‍යජනක හා උපහාසය දනවන වෙනත් කතාවක් ලෝක සාහිත්‍යයෙහි සොයා ගැනීම අසීරු තරම්ය. වී ගොගොල් ලියූ ත්රාසජනකතම කතාව ලෙස ප්රකටය.
ඒ ඒ රුසියන් වචනයට ඉතාම ගැළපෙන සිංහල වචනය ඉතා සැලකිල්ලෙන් තෝරා ගනිමින් මෙම පරිවර්තනය සිදු කොට ඇත. එම භාෂාව කතා කරන ජනතාවගේ සිතුම්පැතුම්, සංස්කෘතිය හා ව්‍යවහාර භාෂාවේ ස්වභාවය දිගුකලක් ඔවුන් ඇසුරේ ජීවත් වෙමින් අත්දකින්නට මා ලැබූ භාග්‍යය එහි ලා මට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. එහෙයින්ම මෙම පරිවර්තනය තුළ රුසියානු මුල් කෘතියේ රසය එලෙසින්ම ආරක්ෂා වී ඇතැයි සිතමි, ගොගොල්ගේ සාහිත්‍ය කෘතීන් සියල්ලම වාගේ කියවා ඔහුගේ ලේඛන රීතිය හා කතා කලාව පිළිබඳ මනා වැටහීමක් ලැබීමෙන් පසුව මෙම පරවර්තනය සිදුකර ඇති බවද සැලකිය යුතුය.
Out of stock








Reviews
There are no reviews yet.