Me E Katha මේ ඒ කතා
රු350.00 රු280.00
නියෝජ්‍ය පොළිස්පති ධුරන්ධර ප්‍රියන්ත ජයකොඩ් විසින් රචිතමෙම කෘතිය අතිශය විරල ගණයේ අත්දැකීම් සමුදායක ස්වරූපය අවලෝකනය කරනු සඳහා පාඨක සමාජය වෙතකරනු ලබන හෘදයංගම ඇරයුමකි.
මෙම කෘතියේ අඩංගු ලිපි මාලාවට පාදක වී ඇත්තේ කතුවරයාගේ රාජකාරීමය අත්දැකීම් ගොන්නකි. විටෙක එය ගවේෂණාත්මක අත්දැකීමකි. තවත් විටෙක සුන්දර මතක සැමරුමකි. ආකර්ෂණය සංචාරාත්මක වියමනකි. නොඑසේ නම් රට කැලඹු අධිරහසක හෙළිදරව්වකි. මෙහි කතුවරයා, තමා පෞද්ගලිකව අත්දුටු මේ දුලබ එමෙන්ම, විවිධාකාර අත්දැකීම සමුහය වඩා වතුණු රැස්ව රාජකාර්මය කඩතුරාව ඉවතලමින් මහා සංයමයකින් ඒවා නිර්මාණාත්මක රචනා බවට පෙරළනුයේ පරිකල්පන ශක්තියෙන් පෝෂිත ශූර ප්‍රබන්ධ කරුවකුගේ කුසලතාව විශද කරමිනි. ටමෙන්ම මුළු කෘතිය පුරා පාඨක විශ්වසනීයත්වය ද රඳවා ගනිමිනි. එබැවින් අප මේ කියවන්නේ හුදු සත්‍ය කතා අඩංගු කෘතියක් වුව ද, එය නිර්මාණාත්මක කෘතියක් තරමට රසවත් යැයි අපට හැඟේ. මෙම 38 සංග්රහයෙහි අපූර්වත්වය වනුයේ ද එයයි.
මේ ඒ කතා’ ආස්වාදජනක කතා මාලාවක් බව කියනු රිසියෙමු.









Reviews
There are no reviews yet.