Keheli.lk

10% OFF

Mata Diyawediyawa. Dan suwai – මට දියවැඩියාව . දැන් සුවයි

රු630.00

මේ මට ‘දිය වැඩියාව දැන් සුවයි ” පොතේ නව සංස්කරණයයි. 1999 දී මුල් වරට පළ වීමෙන් අනතුරුව එය දිය වැඩියාව සම්බන්ධයෙන් සිංහලෙන් ලියැවුණු හොඳම පොත ලෙස වෛද්‍යවරුන් අතරේද, දියවැඩියා රෝගීන් අතරේ ද පිළිගැනීමට ලක්විය. එතෙකුදු එදා සිට අද වන විට වෛද්‍ය ක්ෂේත්‍රයේ දිය වැඩියාව සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ සිදු වී ඇති අතර දිය වැඩියාව සම්බන්ධයෙන් අලුත් සොයා ගැනීම් ද විශාල වශයෙන් කෙරේ තිබේ. ඒ නිසා දියවැඩියා රෝගය පිළිබඳ උනන්දු වන සිංහල පාඨකයින් හට ඒ නවීන දැනුම ලබා දීම පිණිස මේ නව සංස්කරණයේදී මුල් පොත සංශෝධනය කර යාවත්කාලීන කර තිබේ.

මෙහි කර්තෘ, විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ වෛද්‍යවරයෙකු ආචාර්යවරයෙකු හා පරිපාලකයෙකු හැටියට මෙරට රාජ්‍ය සේවයේත්, විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේත්, පෞද්ගලික අංශයේත් පුළුල් අත්දැකීම් ලැබූවෙකි. කලක් කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වී සිටි හේ අනතුරුව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර දැන් තමන්ගේම පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. පසු ගිය වසර දහය මුළුල්ලේ අන්තර් ජාතික සිංහ සමාජයේ 306 සී දිස්ත්‍රික්කයේ දියවැඩියාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියේ සභාපතිත්වය දරන්නේ ඔහුය.

Reviews

There are no reviews yet.

Be the first to review “Mata Diyawediyawa. Dan suwai – මට දියවැඩියාව . දැන් සුවයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat