Keheli.lk

15% OFF

Maranaye Thenithalawa-මරණයේ තැනිතලාව

රු612.00

විප්ලවයෙන් පසු බල්ෂෙවික්වරුන්, ජාතිකවාදීන් හා ප්‍රතිවිප්ලවවාදීන්ගේ සටන් හමුවේ උක්රේන බිම්කඩට උදාවූයේ බියකරු සමයකි.ඛේදවාචකයේ වපසරිය ලොවට හඬ නගමින් කළු පස රතුකර රුධිරය වැගිරුණි. හිමෙන් වැසුණු, වසත්කල තණ පලස මත පැතිර ගිය මරණයේ තැනිතලා රුධිරයේ සලකුණු හොර රහසේ වසං කර දැමුවේය. එනමුදු අදටද අරගලයේ වේදනාත්මක කැලැල් උක්රේනියානුවන්ගේ හදසන්තානය නිරන්තරයෙන් ලෑටි ගාන්නේය.
හමුදා සේවයෙන් පෙරළා පැමිණෙන දොස්තර අලෙක්සෙ‍ෙය් තුර්බින් හා ඔහුගේ පවුලේ සාමාජිකයින් පසුපස විපත් හඹා එන්නේ නොසිතූ අයුරෙනි. වඩාත් ශෝචනීය වන්නේ ජාතිකවාදීන්ගේ නගර ආක්‍රමණයේදි දොස්තර තුර්බින් හඹා එන ඉරණමයි. ප්‍රාතිහාර්යයක් සේ ඒ ඉරණම “මාල ප්‍රවල්ගයා” වීථියේ ලලනාවකගේ දයාභරිත අනුකම්පාවේ දෑතට නොසිතූ අයුරින් ඔහුව යොමු කරවන්නේය. එහෙත් ඇයගේ නිවෙසේ දකිනා ගතරුව හා සිය රෝගියාගේ පාපොච්චාරණ සියොළඟ කිළිපොලා යන්නට සලස්වමින් දැඩි සේ ඔහුව පීඩාවට පත් කරන්නේ කවර කරුණක් අරඹයාද? ඒ වීථියේම වූ අසල්වැසි නිවෙසට ඉරණම විසින් යොමු කෙරෙන ඔහුගේ සොයුරු නිකොල්කින්ගේ මෙන්ම අලෙක්සෙ‍ය්ගේ ඒ ප්‍රේමාන්විත සංචරණයේ ප්‍රතිඵලය පිළිබඳ හෝඩුවාවක් ග්‍රන්ථයේ නොතැබෙන්නේ අවිනිශ්චිත බිම්කඩක සියල්ල අවිනිශ්චිතය යන පණිවිඩය රැගෙන එමිනි.
ජාතිකවාදී පාලනය බිඳවැටී අනුගාමිකයින් නගරය හැර යද්දී නව බලවේගයක හිරු කිරණ “කීව්” නගරයේ පැලපදියම් වේ. සෝවියට් පාලන ක්‍රමය දෙස විවේචනාත්මකව බලන ̈බල්ලෙකුගේ හදවත” මෙන්ම “මාස්ටර් හා මාර්ගරිතා” වැනි ප්‍රබන්ධ වලට පෙර බුල්ගකොෆ් නව පාලනය දෙස මේ ග්‍රන්ථයේදී සුබවාදිව බලන්නේ එයින් දුක් ගැහැට, කටුක වේදනා, රුධිරය, සාගතය හා වසංගත පහව යතැයි යන නැවුම් අපේක්ෂාවෙනි. ලොවෙහි මානව ක්‍රියාකාරකම් අවශේෂ නොවන කළද සර්වකාලීන සදාතනික සත්‍යයන් අවශේෂ වන බව පවසන මේ කෘතිය සෝවියට් යථාර්ථවාදය නම් සංකල්පමය සළුවෙන් වැසි මතවාදී හොරණෑවක් බවට පත් නොවූ අකලංක සෝවියට් සාහිත්‍ය කෘතීන් අතර දියමන්තියකි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Maranaye Thenithalawa-මරණයේ තැනිතලාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat