Keheli.lk

10% OFF

Mansfield Udyanaya-මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය

රු1,305.00

ලජ්ජාශීලී, පීඩාවලට බඳුන් වීමට පහසු ෆැනී ප්‍රයිස් වයස අවුරුදු දහයේදී පෝට්ස්මව්‍ත් හි වාසය කළ තම දිළිඳු දෙමාපියන්ගෙන් වෙන්කර ධනවත්, වංශවත් ඥාතීන් සමඟ වාසය පිණිස මෑෆීල්ඩ් මැදුර වෙත කැඳවාගෙන යනු ලැබීය. ඇය අකාරුණික ලෙස සැලකුම් නොලැබූ නමුත් ටොම්, එඩ්මන්ඩ්, මෙරායා, ජූලියා යන තම ඥාති සොයුරු සොයුරියන් සමඟ එකට වැඩුණු අතර තමා ඔවුන්ට වඩා වෙනස් අයකු බවත්, සත්‍ය වශයෙන් සමාජයේ පිළිගැනීමට ලක් නොවන බවත් හොදාකාරවම දැන සිටියාය. මේරි සහ හෙන්රි ක්‍රෝෆෝඩ් යන ආටෝප සාටෝප වලින් යුත් අයිය නගෝ දෙදෙනා ලන්ඩනයේ සිට මේ ස්ථාවර වූ ග්‍රාමීය ලෝකයට පිවිසියහ. ෆැනී හැර මෑෆීල්ඩ් මැදුරේ සිටින අන් සියලු දෙනා මොවුන් නිසා මෝහනයට පත් වූහ. ඇය ඔවුන්ගේ නොගැඹුරු ආත්ම වසාගෙන ඇති ව්‍යාජ පටලය දුටුවාය. මේ නවකතාවේ සිද්ධි මාලාව පුරාම දිවයන්නේ ඇය වටා සිටින අයගේ ජීවිතවල සිදුවන පුපුරා යාම් නැවත යම් ස්ථාවර මට්ටමකට ෆැනී දරන උත්සාහයේදී ඇය ලැබූ සාර්ථකත්වයයි.
දහනව වන සියවසේ ලියැවුණු උසස් සම්භාව්‍ය නවකතා වලින් එකක් වන මෑෆීල්ඩ් උද්‍යානය කතාව තුළ දෝංකාර දෙන්නේ, නවීන කාර්මික යුගයේ උදාව සමග පැරණි ගම්බද සංස්කෘතික සම්ප්‍රදායයන් සහ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා වැටීම පිළිබඳ ජේන් ඔස්ටින් වෙත තිබූ දැනුවත් බව සහ ඒ වෙනුවෙන් ඇය තුළ බල පැවැත්වූ භීතියයි. අප රට තුළද විවිධ වකවානු අනුව ඇතිවන ආර්ථීක ප්‍රතිපත්තිමය වෙනස් වීම් අනුව මේ ආකාරයටම සංස්කෘතික සෝදා පාළුවක් ඇති වූ නිසා මේ කරුණ ඉතා වැදගත්ය. අධ්‍යාපනය ලබා දෙමින් දරුවන් හැඩ ගැස්වීමේදී සර් තෝමස් තමා අතින් සිදු වූ අඩුපාඩු පිළිබඳ කරන ප්‍රත්‍යාවේක්‍ෂණය අපේ රටේ දෙමාපියන් හටද ඒ ආකාරයෙන්ම අදාළ වන බව මෙහි අවධාරණය කර දක්වමි. ඔහු ඒ සියලු දේ සිහියට නගන්නේ සියලු ඛේදවාචකයන් අවසානයේය. දරුවා කුඩා කල සිටම මේ කියන වැරදි මගහැර දරුවන් හැඩ ගැස්වීමට දෙමව්පියන් උනන්දු විය යුතුය.

Reviews

There are no reviews yet.

Be the first to review “Mansfield Udyanaya-මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat