Keheli.lk

20% OFF

Manikinayo – මැනිකිනයෝ

රු584.00

ඒ අමුතු, උස මිනිසා හමුවෙන්නට එනු ඇත්තේ කාවදැයි මම සිත වෙහෙසවා ඉඟියක් හෝ සොයාගැනීමට තැත් කළෙමි. ඒ නවාතැන් හිමිකාර්ය විය නොහැකිද ? පෙරදිනයේ එම පුද්ගලයා මගේ ඇස ගැටුණු බව දැන ඈ කලබලයට පත් වූවාය. මේ පිළිබඳව නවාතැන් හිමිකාරියගෙන් විමසීමක් කරන ආකාරය සැලසුම් කරන්නට මම මුළු රැය පුරාම උත්සහ ගතිමි. නිදිවර්ජිත රාත්‍රීන් ගෙවීම දැන් දැන් පුරුද්දක් වේගෙන එන්නාසේය. චමෝදිගේ අතුරුදන්වීම පමණක් නොව, ඊට කිසිසේත් සම්බන්ධ නැති උද්‍යානයේදී දුටු මළසිරුරද, පාදයක් බිම දිගේ අද්දවමින් ඇවිදින ඒ අමුතු මිනිසාද අහේතුකව මගේ නින්දට බෙහෙවින් බාධා පමුණුවති. මළසිරුර පිළිබඳව සොයා බැලීමට අනවශ්‍යය වුවද, ඒ අමුතු මිනිසා මේ තරමට අපගේ නවාතැන අවට සරමින් මගේ සිතිව්ලිවලට රිංගා සිටීම පිළිබඳව මා සොයා බැලිය යුතුමය.

Reviews

There are no reviews yet.

Be the first to review “Manikinayo – මැනිකිනයෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat