Manik Aliya Saha Thawath Ali – මැණික් අලියා සහ තවත් අලි
රු720.00
ලාංකේය සංස්කෘතියේ සුවිසෙස් පංගුකාරයින් වූ මෙරට ගෘහ ආශ්‍රිතසහ වනවාසී අලි ඇතුන් පිළිබඳ රට පුරා පෙර නොවූ තරමින් සංවාද විසංවාද පවත්නා කලක ඔවුන් පිළිබඳ වඩාත් සානුකම්පිත, සහකම්පනය දනවන සුළු මෙවන් කෘතියක් එම අවශ්‍යතාව සපුරාලීමට මහෝපකාර වනු ඇතැයි මම විශ්වාස කරමි.
මැණික් අලියා සහ තවත් අලි’ කෘතියේ සම්පාදක සුනිල් ලීලානන්ද පෙරේරා අයත් වන්නේ මෙරට සාම්ප්‍රදායික අලි ඇතුන් හිමි පවුලක දෙවෙනි පරපුරටය.
මා මුලින්ම ඇසුරට වැටුණේ ඔහුගේ පියා, රත්නපුරේ ප්‍රකට අලි ඇත් හිමිකරුවෙකු වූ ඕ.එස්. පෙරේරා මහතා සමගය.
ඒ වසර තිහකට එපිට කාලයකදීය. අලි ඇත් වෙදකම හා බැඳි දේශීය වෙදකම සේම බටහිර වෙදකමට සමාන්තරව නැඹුරු වූ මෙරට අලි හිිමියන් අතර ඔහු ප්‍රමුඛයෙක් විය.
ඒ සංක්‍රාන්ති සමයේ අලි ඇත් වෙදකමට නැඹුරු වු අප වැනි බටහිර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ඉදිරිපත් වීම අලි ඇතුන් පිළිබඳ සාම්ප්‍රදායික අදහස් වත්පිළිවෙත් හැදෑරීමට ද අපට අනුබලයක් සේම ආශිර්වාදයක් ද විය.
මෙම කෘතියේ රචකයා ඔහුම පවසන පරිදි මවු කුසේ පටන්ම අලි ඇතුන්ගේ සංඥා කන වැටී අලි ඇතුන් හා බැඳි සංස්කෘතියට අප්‍රමාණ පෙම් බඳින්නෙකි.
සමහරවිට අ පිළිබඳ එවන් සජීවී අත්දැකීම් හිමි අලි හිමියකු අතින් ලියැවෙන පළමු පොත මැණික් අලියා සහ තවත් අලි විය හැක.
කියවීමට රුචිය දැනෙන ආකාරයෙන් රචිත මේ කෘතිය අලි ඇත් ලෝලීන්ට පමණක් නොව මෙරට සංස්කෘතියේ අලි ඇතුන්ගේ පංගුව හැදෑමට උනන්දු සැමට අත් පොතක් යන්න මාගේ හැඟුමයි.
Reviews
There are no reviews yet.