Malory towers balika viduhala-6-මැලෝරි ටවර්ස් බාලිකා විදුහල-6
රු630.00
ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. කතාන්දර කීමේ රැජින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය.
ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදී රසවත්
කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි මැලෝරී ටවර්ස් බාලිකා විදුහල’. නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්ද්‍ර අනගිරත්න සූරීන් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers සහ Last term at Malory Towers සම්පූර්ණව හා අසංක්‍ෂිප්තව එම්.ඩී.එච්.සෙනෙවිරත්න සූරීන් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි හයවැනි නවකතාවයි.









Reviews
There are no reviews yet.