Keheli.lk

20% OFF

Mahumkari-මැහුම්කාරි

රු600.00

නවසිය පණහ දසකයේ දවසක ටිලී ඩනේජ් නැමැති සුන්දර යෞවනිය ඔස්ට්‍රේලියාවේ පිටිසරබද කුඩා නගරයක පිහිටි තම නිවසට ආපසු පැමිණියේ සිය මව මොලී රැක බලා ගැනීමේ අරමුණිනි. මොලී ඒ වන විට අබල දුබල උමතු ගැහැනියක බවට පත්ව ඇති බව ටිලී දැන ගත්තේ ඒ ආ ගමනේදීය.
ඩනේජ්හි නගරවැසියන් වසර ගණනාවකට පෙර ටිලීව ඈත නුවරකට පිටමන් කර තිබුණි. උපන් බිමෙන් පිටව සිටි කාලයේ ඇය පැරිස් නගරයට ගොස් මැහුම් ශිල්පය උගෙන ප්‍රවීණ මැහුම්කාරියක් වූවාය.
පෙරලා තම ගම්බිම් කරා පැමිණි ඇය අපූරුවට ඇඳුම් නිර්මාණය කරමින් තම ජීවිකාව ආරම්භ කළාය. තමන් නගරයෙන් පිටමං කළ මිනිසුන්ගෙන් පළිගැනීමේ සියුම් චේතනාවක්ද ඈ තුළ වැඩෙමින් තිබිණ.ඔස්ට්‍රේලියානු ලේඛිකා රොසලි හැම්ගේ Dressmaker නවකතාව මුද්‍රණයෙන් පිටවූයේ 2000 දීය. 19 වන සියවසේ බටහිර නවකතාවේ ඛෙහෙවින් ජනප්‍රියව තිබූ ආදරය, වෛරය, භීතිය වැනි හැඟීම් කලතා ගොතික් ශෛලිය අනුව ලියැවුණු මේ නවකතාව ප්‍රංශ, ජර්මත් ඇතුළු භාෂා ගණනාවකටම පරිවර්තනය වී තිබේ. මෙය 2015 දී චිත්‍රපටයකටද නැගිණි. නවකතාව මෙන්ම අතිශය ජනාදරයට පත් මෙම චිත්‍රපටයේ ටිලීගේ චරිතය රඟපෑවේ කේට් වින්ස්ල විසිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Mahumkari-මැහුම්කාරි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat