Mahapali(yak rajinakage purawatha)-මහාපාලි(යක් රැජිණකගේ පුරාවත)
රු1,080.00
ඊජිප්තියානු රැජිණක් වූ රූමත් කිලියෝ පැට්‍රාගේ නැහැය දිගටි වු බැවින් ඇය ඉතා ආකර්ෂණීය වූවාය.ඇයගේ නැහැය කෙටි වී ඈ අවලස්සන වූවා නම් රෝම ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට තිබුණා යැයි මම අසා ඇත. දේශීය දුඹුරු පැහැයකින් යුත්, යක්ඛ ගෝත්‍රික කුවණ්ණා ද ආකර්ෂණීය නොවන්නියක් වූවා නම්, විජය රජු සමග බැඳෙන අපගේ ඉතිහාසයත් නොඅනුමානව වෙනත් අතකට පෙරෙළෙන්නට තිබුණි. යක්ෂණියක්ය යන හැඟීමෙන් කුවේණිය මවාගත් මා ද, ඇයගේ රූපයට ඇලුම් කරන්නට පටන් ගත්තේ කතුවර කමල් නෙළුන්දෙනියගේ මහාපාලි නමැති ඉතිහාස නවකතාවේ, පළමු පරිච්ඡේද දෙක තුන පසුවන්නටත් කලියෙනි. විජය රජුගේ සනුහරයේ කුඩු කේඩුකම් වලට මෙන්ම, ස්වදේශික ඥාතීන්ගේ අභියෝගයන්ටද මුහුණ දෙන කුවණ්ණා පාඨකයන්ගේ හිත් තුළ ජීවත් වන්නේ ආත්ම ශක්තියෙන් පිරුණු ගැහැණියක් ලෙසය. කුවේණි මාතාවෝ ද පටාචාරා “මහ අම්මා” මෙන් ඝන වනයක දරුවන් ළයට තදකරගෙන හෙවණැල්ල යට තියා රකිති. කතුවරයා කුවේණි මාතාවගේ දරු ස්නේහය කඳුළු ඉහිල් වෙන තරමටම පාඨකයාට දැනෙන්නට හරී.
කුවණ්ණා නැමැති අම්මා ගෞරව සිතින් යුතුව, වැළඳ ගැනීමට පාඨකයා නංවා ගැනීමට කතු කමල් නෙළුන්දෙනියගේ “ලිවීමේ කලාව ‘ ඉතා සියුම්ය. විජය රජුගේ කෘර අතහැරීම හමුවේ උම්මත්තකව විප්‍රයෝගය දරන කුවේණි කෙරෙහි අනුකම්පාවත්, විජය කුමාරයා පිළිබඳව තරහවත් ඇති කරවන “සාහිත්‍ය ප්‍රයෝග’ ප්‍රශස්තය. කෙසේ වුව විජය රජුගේ ඛේදනීය අවසන් හෝරාවේදී රජු සමග කඳුළක් හලන්නට ඔබද එක්වනු බව මට සහතිකය. කතුවරයාගේ පළමු නවකතාව “කිත්ති ” සේම මෙම මහාපාලි නවකතාවත්, පාඨක අපගේ පොත් රාක්කයෙන් ඉඩක් ගන්නා බව මට විශ්වාසය










Reviews
There are no reviews yet.