Maga digata walimasi katha – මග දිගට වැලිමැසි කතා
රු660.00 රු561.00
“මග දිගට වැලිමැසි කතා” – Tales of sandflies along the way කතන්දර එකතුව පාඨක ඔබ අතට පත්වන්නේ ගැඹුරු සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක එක් මල්ඵල ගැන්වීමක් ලෙසට ය. වෙනස් ම ආරක කතා ශෛලියක් හඳුන්වාදෙමින් සැමට එක්ව රස විඳිය හැකි “මග දිගට වැලිමැසි කතා” තුළින්, අද වන විට ශ්‍රී ලංකාව ප්‍රජාව පුරා ශීඝ්‍රයෙන් පැතිර් යන “ලීෂ්මනයිසිස්” රෝගය පිළිබඳව දනුම්වත් වියයුතු අත්‍යවශ්‍ය කරුණු ඉතා සරල මෙන් ම නිර්මාණශීලී කථාංග එකතුවක් ලෙසින් ගෙන හැර පා ඇත.
දිකු කලක් තිස්සේ වැලිමැසි රෝගයෙන් පීඩා විඳින ජන සමාජයක වතගොත සියුම්ව අධ්‍යනය කොට රෝගය ඔවුන්ගේ ජන දිවියට බලපාන අයුරුත්, ඒ තුළින් ඔවුන් අත්විඳින පීඩා මෙන් ම රජරට ජන දිවිය තුළ ගැබ්ව ඇති ඔවුනටම ආවේණික සෞන්දර්යාත්මකභාවයත් මැනවින් පිළිබිඹු වන ආකාරයට මෙම කතා පෙළ දිගහැරී ඇත. කතුවරයාගේ සරල, අතිශය රසවත් භාෂා ශෛලිය තුළින් සමාජයෙන් උගත් දෑ සමාජයේ ම ඉගැනුමට හා අභිවෘද්ධියට යොදා ගනිමින්, එය ප්‍රජාවට දායාද කරන්නේ, වැලිමැසි උවදුරේ ස්වභාවය, එහි රෝග ලක්ෂණ, රෝග ව්‍යාප්තිය හා පාලනය මෙන් ම සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ඇතුළු ඉතා වටිනා සෞඛ්‍යමය තොරතුරු හා පණිවිඩ කෙරෙහි පාඨකාවධානය යොමු කරමින් ය. රෝගය නිසාවෙන් ම සමාජය තුළ මුල්බැසගත් ඇතැම් සෞඛ්‍යමය තොරතුරුවල, සත්‍ය අසත්‍යතාවන්, මිත්‍යාමය විශ්වාස ගෙනහැර දක්වමින් හා එහි නිවැරදිතාව තහවුරු කරමින්, මිත්‍යා විශ්වාසවලට අදාළ යථාතත්ත්වය පැහැදිලි කරමින්, රෝගයට අදාළ නව දැනුම වෛද්‍ය විද්‍යාත්මක පදනමක් ඔස්සේ විශ්ලේෂිත කරුණු ලෙස මේ තුළ අන්තර්ගත කර ඇත.
කාලීනව වැදගත් සෞඛ්‍ය තොරතුරු හා පණිවිඩ සමාජ ගත කරනුවස් කලාව භාවිතයේ සාර්ථකත්වය, අසිත මල්ලවආරච්චිගේ මෙම නවතම පර්යේෂණාත්මක සාහිත්‍ය කෘතිය තුළින් මනාව පිළිඹිබු කරයි.









Reviews
There are no reviews yet.