Keheli.lk

20% OFF

Lowa Sasala Kala Deshapalana Gathana – ලොව සසල කළ දේශපාලන ඝාතන

රු1,400.00

දේශපාලන ඝාතනයක් යනු දේශපාලනික හේතූන් මත රටක වැදගත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයකු ඝාතනය කිරීමය. දේශපාලන ඝාතන ඉතිහාසය බොහෝ ඈතට දිවයන්නකි. ඈත අතීතයේ සිටම ඝාතන දේශපාලනයේ කොටසක් වූ අතර, ඒවා ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයන් කිහිපයක නැගීම සහ වැටීම ද සනිටුහන් කළේය. ඉතිහාසය කිසිදා පෑනෙන් පමණක් ලියුවක් නොවේ. එහි රුධිරය ද තැවරි ඇත. සැබෑ දේශපාලන චරිතයකට එල්ල කරන සෑම උණ්ඩයක්ම මිනිසකු මරා දැමීමට ගත් උත්සාහයක් පමණක් නොව, මතවාදයක් මරා දැමීමට ගන්නා ලද උත්සාහයක් ද වේ.

කිසිවකු දේශපාලනික ඝාතනයකට ලක් වන්නේ ඔවුන්ගේ සමාජ නියෝජනය, අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග සහ රජය තුළ ඔවුන්ගේ භූමිකාව හෝ ඔවුන්ගේ පරමාදර්ශීය ක්‍රියා හේතුවෙනි. දේශපාලන ඝාතන පිටුපස ඇති සාධක විවිධාකාර හා සංකීර්ණ ඒවාය. දේශපාලන අස්ථාවරත්වය හා බල අරගල, ආගමික අන්තවාදය, සමාජ ආර්ථික ගැටලු, සම්පත් පාලනය සහ දූෂණය, රාජ්‍ය මර්දනය සහ බිය ගැන්වීම, පළිගැනීම වැනි සාධක මත දේශපාලන ඝාතන ක්‍රියාත්මක වේ. එය ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමට, ඇතැම් සාරධර්ම ප්‍රවර්ධනය කිරීමට හෝ වැළැක්වීමට, දේශපාලන වෙනසක් කිරීමට ඇති ආශාවෙන් මෙහෙයවනු ලබන සැලසුම් සහගත ක්‍රියාවකි. ලොව බොහෝ ඝාතන සැලකිල්ලට ගැනීමේදී ධනවත් රටවලට වඩා දිළිඳු රටවල, විශේෂයෙන් හමුදා කුමන්ත්‍රණ මගින් සිදු වන බවට තහවුරු වී ඇත.

මෑත කාලීන ඉතිහාසය තුළ සිදු වූ දේශපාලන ඝාතන පනහක් මෙම කෘතියේ අන්තර්ගතය.

Reviews

There are no reviews yet.

Be the first to review “Lowa Sasala Kala Deshapalana Gathana – ලොව සසල කළ දේශපාලන ඝාතන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat