Keheli.lk

10% OFF

Lenad wolf-baddegama sha wolf noki baddegama-ලෙනාඩ් වුල්ෆ්-බැද්දේගම සහ වුල්ෆ් නොකී බැද්දේගම

රු1,530.00

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නාමල්ගේ මෙම කෘතිය ලෙනාඩ් වුල්ෆ් වටා ගෙතුණ බොහෝ අගනා තොරතුරු එක්රැස් කොට සිංහල පාඨකයා වෙනුවෙන් රචනා කරන ලද අනගි නිර්මාණයකි. අප රටේ බොහෝ දෙනා දැන සිටියේ. වසර හතක වුල්ෆ්ගේ උප දිසාපති භූමිකාව හා ඔහු විසින් රචනා කරන ලද ‘බැද්දේගම ‘ නවකතාව ගැන පමණකි. වුල්ෆ් චරිතය ඇසුරු කර සහ ඔහු ගැන ලියූ දෙස් විදෙස් ලේඛකයන්ගේ කෘති සේවනය කරමින්, යටත් විජිතයුගයේ ලංකාවේ සිටි පරිපාලකයෙකු හැටියටත්, ලිබරල්වාදී චින්තකයෙකු හැටියටත් ඔහුගේ පසුකාලීන ක්‍රියාකාරිත්වය මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. අධි රාජ්‍යවාදී අදහස් ඒ අයුරින් නොගෙන මානව හිතවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලා ඔහු කටයුතු කර ඇති ආකාරය මෙහි දක්වා තිබීම ඉතා වැදගත්ය. බ්‍රිතාන්‍ය වාමාංශික ව්‍යාපාරයේ හා කම්කරු පක්‍ෂයේ ක්‍රියාකරුවකු වූ වුෆ්ගේ මෙකී දේශපාලන උද්යෝගය එක්සත් ජාතීන්ගේ සංගමයේ මුලාරම්භයට යම් දායකත්වයක් සැපයිණි.

Reviews

There are no reviews yet.

Be the first to review “Lenad wolf-baddegama sha wolf noki baddegama-ලෙනාඩ් වුල්ෆ්-බැද්දේගම සහ වුල්ෆ් නොකී බැද්දේගම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat