Laso diyawena bumiya (cheran thoragath kavi)-ළසෝ දිය වෙන භූමිය -චේරන් තෝරාගත් කවි
රු720.00
1960 වසරේ යාපනයේ අලවෙට්ටිහි උපන් රුදුමුර්ති චේරන් දශක පහක් තිස්සේ දෙමළ සාහිත්‍යයට අති විශාල දායකත්වයක් සැපයූ කවියෙකි. ජනමාධ්‍යවේදියෙකි. නාට්‍ය රචකයෙකි. ශාස්ත්‍රීය පර්යේෂකයෙකි. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකි.
1975 සිට මේ දක්වා චේරන් විසින් කවි 500කට අධික ගණනක් නිර්මාණය කර ඇත.චේරන්ගේ රචනා ලොව පුරා භාෂා විස්සකට පරිවර්තනය වී ඇත. ශාස්ත්‍රීය සහ සාහිත්‍ය කෘති ගණනාවක් රචනා කර ඇති චේරන් සාහිත්‍ය හා මානව හිමිකම් වෙනුවෙන් අන්තර් ජාතික සම්මාන කිහිපයක් ලබා ඇත.
සිංහල පාඨක සමාජයට ද ඔහු ආගන්තුක නොවන්නේ 90 දශකයේදී විකල්ප පුවත්පත්වල පරිවර්තනය කර පළවූ ඔහුගේ නිර්මාණ නිසාය. 90 දශකයේදී මව් බිම හැර යන ඔහු දැනට කැනඩාවේ වාසය කරයි.
ළසෝ දිය වෙන භූමිය නමින් පළ වන මේ කෘතිය ඔහුගේ කවි පොත් කිහිපයකින් තෝරා ගන්නා ලද කවි එකතුවක සිංහළ පර්වර්තනයයි. චේරන්ගේ කවි එකතුවක සිංහල පරිවර්තනයක් කෘතියක් ලෙස මෙසේ ප්‍රකාශයට පත් වන්නේ පළමු වතාවටය










Reviews
There are no reviews yet.