Lankawe nawa prathi jathikawadi chinthanaye dasa wasak dewana weluma – ලංකාවේ නව ප්රති ජතිකවාදී චින්තනයේ දස වසක් දෙවන වෙළුම
රු1,575.00
මේ කෘතිය සැලකිය හැක්කේ අදහස්වල ඉතිහාසය පිළිබඳ කෘතියක් ලෙසයි; එසේත් නැතහොත් බුද්ධිමය ඉතිහාසයක් ලෙසයි. එය 1980 ගණන්වල ලංකාවේ සිංහල සමාජය මුල් කරගෙන මතු වූ කැපී පෙනෙන බුද්ධිමය කතිකාවක පළල සහ ගැඹුර පාඨක අවධානයට යොමු කළ හැකි ආකාරයේ රචනා සමුච්ඡයක් සිංහල පාඨක ප්රජාව වෙතඉදිරිපත් කරයි. මේ මගින් ඉදිරිපත් වන්නේ මෙම බුද්ධිමය කතිකාවට අදාළව 1987-1997 කාලය තුළ සිංහල භාෂාවෙන් සම්පාදනය වූ රචනා සමුච්ඡයකි.
දේශපාලනය, සංස්කෘතිය, ආර්ථිකය යනාදී සමාජ සැකැස්මේ විවිධ තල මේ බුද්ධිමය කතිකාව විසින් ආවරණය කරනු ලබයි. එම බුද්ධිමය කතිකාව මේ කෘතිය තුළ හඳුන්වනු ලැබ ඇත්තේ ප්රති – ජාතිකවාදී චින්තනයක් ලෙසටයි. එය එසේ හඳුන් වනු ලබන්නේ එය සමකාලීනවම මතු වන ජාතික චින්තනය නමින් ප්රසිද්ධ වී ඇත්තා වූ බුද්ධිමය කතිකාව වෙතවිචාරාත්මකව ප්රතිචාර දක්වමින් වර්ධනය වන නිසාය.
එම ප්රති – ජාතිකවාදී බුද්ධිමය කතිකාව මගින් අරමුණු කෙරුණේ මෙම ජාතික චින්තන කතිකාවේ අභි යෝගයට මුහුණ දෙමින්, ඒ වන විට තියුණු ප්රශ්න කිරීම් වලට ලක් වී තිබූ
වාමාංශික සමාජවාදී දේශපාලන පරිකල්පනය හා එහි අදාළත්වය යළි නිර්වචනය කිරීම මෙන්ම ජාතික චින්තන කතිකාවේ බුද්ධිමය හා දේශපාලන වලංගුතාවය විචාරාත්මක පරීක්ෂාවට ලක් කිරීමයි.
ලංකාවේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් දැනට දක්නට ලැබෙන තියුණු අවිනිශ්චිත භාවයේ පසුබිම තුළ මේ කතිකාව මගින් මතුකරන අදහස් තෙදුවේත්, මේ කෘතිය මගින් සිංහල පාඨක ප්රජාව වෙත ඉදිරිපත් කෙරෙන රචනා නිශ්චිතවත් සමාජයේ බුද්ධිමය උත්තේජනය වැඩවීමට උපකාරී වනු නොඅනුමානය.









Reviews
There are no reviews yet.