Lankawa Galawagenima ලංකාව ගලවාගැනීම
රු990.00
මා විසින් මෙතෙක් ලියන ලද පොත් වලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන සමාජ – ආර්ථික හා දේශපාලන ගැටලු අළලා ලියන ලද ඒවා ලෙස සැලකිය හැකිය. ඒ පොත් එකිනෙක අතර අන්තර් සම්බන්ධයක් තිබුණේයැ’ යි ද කිව හැකිය. ලංකාව ගලවා ගැනීම ‘ යන තේමාව යටතේ ලියා තිබෙන මෙම කෘතිය එම සංවාද ක්‍රියාවලිය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමේ අරමුණින් ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.
මා හඳුනාගෙන තිබෙන අන්දමට ලංකාවට මුහුණ දෙන්නට සිදු වී තිබෙන සමාජ – දේශපාලන අවුල්වල මුල ඇත්තේ එක කේන්ද්‍රීය ගැටලුවක් තුළය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් ලැබුණු යහපත් දායාදයන් ලෙස සැලකිය හැකි ජාතික රාජ්‍යය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමය සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට නම් සමාජය තුළ පැවති කුල භේදය, වර්ග භේදය හා ආගම් භේදය අවම කොට ශ්‍රී ලාංකික ජාතියක් ඇති කර ගැනීම හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය විය.








Reviews
There are no reviews yet.