Lakdiwa maha Marga Saha Gamanagamana Krama – ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම
රු600.00
අතීත සමාජ හා ආර්ථික ක්ෂේත්රයන් හි ඇති වූ වර්ධනයන් සාම්පදායික යුග බේදිම් ඔස්සේ අවබෝධ කර ගැනීම දුෂ්කරය, අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහු, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර යනාදි රාජධානි මධ්‍යස්ථාන ලෙස කෙරෙන බෙදීම් හුදෙක් දේශපාලන ඉතිහාසය හැදෑරීමේ දී අධ්‍යයන පහසුව උදෙසා කර ඇති බෙදිම්ය. එහෙත් කාලානුක්‍රමික පිළිවෙළකට ගළපා කරුණු ඉදිරිපත් කිරීම ඉතිහාස අධ්‍යයනයේ අත්‍යවශ්‍ය අංගයක් වෙයි. කාලය හා අවකාශය (Time and Space) ඉතිහාස සිද්ධීන් විවරණයෙහි දී ප්‍රධාන සාධක දෙකක් ලෙස අඛණ්ඩවම බලපා ඇත.
ඉතිහාසඥයා විසින් මෙසේ සකස් කොට ගනු ලබන කාලානුක්‍රමික පිළිවෙළ තුළ සමාජ ආර්ථික වර්ධනයක් විග්රහ කිරීම අතීත සමාජය පිළිබඳව නිවැරදි සහ පුළුල් චිත්‍රයක් ලබා ගැනීමට මහෝපකාරී වේ. බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රකට ඉතිහාසඥයෙකු වූ ජි. එම්. ට්‍රෙවලියන් විසින් නිවැරදිවම දක්වනු ලැබ ඇති පරිදි සමාජ රටාව හා ව්‍යුහය වර්ධනය වන්නේ ආර්ථික තත්ත්වයන් තුළිනි. එමෙන්ම දේශපාලන ප්රවර්ධනයන් සිදුවන්නේ සමාජ තත්ත්වය තුළිනි. සමාජ ඉතිහාසයෙන් තොර ආර්ථික ඉතිහාසය නිසරු වන අතර දේශපාලන ඉතිහාස දුර්වාබෝධ වෙයි.
රටක සමාජ ආර්ථික ඉතිහාසයෙහි විවිධ පැතිකඩ අතර ගමනාගමනය සහ ප්‍රවාහනය අතිශයින් වැදගත්ය. විවිධ ප්‍රදේශ හා ජන කොටස් අතර සම්බන්ධතාවයටත් සමාජ සංචලනයටත් වාණිජ කටයුතු හා පරිපාලනය පහසු කරවීමටත් මාර්ග ජාලය සහ ප්‍රවාහන මාධ්‍ය බෙහෙවින් උපකාරි වෙයි. ලංකා ඉතිහාසයෙහි මෙම මාතෘකාව පිළිබඳව පැවති හිඩැසක් මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහගේ ”ලක්දිව මහාමාර්ග සහ ගමනාගමන ක්‍රම” නමැති කෘතියෙන් වැසී යයි.ග්‍රන්ථය හැඳින්වීමේදී කතුවරිය දක්වා ඇති දේශපාලන ඉතිහාසය ඉගෙනීමේ දී වැදගත් වන සාම්ප්‍රදායික ඓතිහාසික යුග බෙදීම් ඔස්සේ සමාජ සහ ආර්ථික ක්ෂේත්රයන් හී ඇති වූ වර්ධනය වටහා ගැනීම දුෂ්කර කාර්යයකි` යන ප්‍රකාශය ඇය සමාජ ආර්ථික ඉතිහාසයේ ප්රවණතා පිළිබඳව මනා ග්‍රහණයක් ඇති කතුවරියක බව පෙන්නුම් කරයි.
මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ, ප්‍රවාහනය සහ සංවර්ධනය අතර ඇති සම්බන්ධතාව පිළිබඳව ද විශේෂ අවධානයක් මේ ග්‍රන්ථයෙන් යොමු කර තිබීම අතිශයින් අගය කළ යුතු දෙයකි. මෙම අගනා කෘතිය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථීක ඉතිහාසය අධ්‍යයනයෙහි වැදගත් සන්ධිස්ථානයක් වනු නොඅනුමානය.








Reviews
There are no reviews yet.