Lajja-ලජ්ජා
රු1,020.00
මූලධර්මවාදය, ජන සංහාරය සහ ජාතිවාදය යන්න පදනම් කරගෙන තස්ලිමා නස්රින්ගේ ලජ්ජා නවකාතව 20 වන සියවසේ බංග්ලාදේශයේ සංකීර්ණ ආගමික ව්‍යුහය පිළිබඳව සොයා බලයි. සුළුතර හින්දු භක්තිකයන්ට එරෙහිව මුස්ලිම් බහුතරයකගේ ක්‍රියාකාරීත්වය විදහා දක්වයි.
දාතා; මතක ඇති තාක් කාලයක් පුරාවට බංග්ලාදේශයේ ජීවත් වූ ඔවුන්ව, 1992 දෙසැම්බර් 6 වන දින අයෝධ්‍යාවේ දී බබ්රි මස්ජිදය කඩා බිඳ දැමීමෙන් පසුව රටපුරා ඇති වූ කෝලාහලවලට ඇද දමනු ලබයි. මායා ඇගේ සහෝදරයා වන සුරොන්ජොන් සොයා ගිය ද මුස්ලිම් මූලධර්මවාදීන්ගේ කෝපයට එරෙහිව පියවරක් ගැනීම ඔහුගේ මනස ප්‍රතික්ෂේප කරයි. හින්දු භක්තිකයන්ට හෝ ඔහුගේ පවුලේ අයට හෝ එරෙහි සතුරුකමට හේතුව තේරුම් ගැනීමට ඔහුට නොහැකි වේ. 1991 ඔක්තෝබර් නොසන්සුන්තාවයේ දී එක් වරක් සැඟවී සිටීමෙන් පසු; නැවත වරක් තම මුස්ලිම් මිතුරන්ගේ උපකාර පැතීමට සුරොන්ජොන් අකමැති වේ. සුදාමෝයි දාතා; ඔවුන්ගේ පියා; නොවරදවාම තම රටට ආදරය කරයි. ආගමට එරෙහි සතුරුකම මත පදනම්ව ඔහුගේ පවුල මුලිනුපුටා දමනු ඇති බව ඔහු පිළිනොගනියි.
ලජ්ජා; බංග්ලාදේශ හින්දු ප්‍රජාවේ දුක් වේදනා, ත්‍රාසය සහ පීඩාවේ සැබෑ නිරාවරණයයි.









Reviews
There are no reviews yet.