Ladaru ha lama manasika gatalu- ළදරු හා ළමා මානසික ගැටලු
රු260.00
අප රටවල දෙමාපියන්, විශේෂයෙන්
මව්වරුන් දරුවන් යහපත් ලෙස හදාවඩා ගැනීමේදී මුහුණ පාන ප්‍රධානතම ගැටලුවක් නම් දරුවන්ගේ සංකීර්ණ වූ විවිධ චර්යාවන් හඳුනා ගැනීමෙහිලා අවශ්‍ය අවබෝධයෙන් තොර කමය. ඔවුන්ගේ එම චර්යාවන් හඳුනාගෙන ඊට සුදුසු ප්‍රතිචාර නොදක්වන පවුල්වල දරුවන් අනාගතයේ මුහුණ පාන ඛේදජනක තත්ත්වයන් පිළිබඳව මනෝවිද්‍යාඥයන් කර ඇති පර්යේෂණ මගින් පෙන්වා දී ඇති කරුණු අපමණය. දරුවන්ගේ සෑම හැසිරීමක්ම ඔවුන්ගේ වයස, පරිසරය, සහජය ආදී සාධක සමග එක්ව බැඳී පවතී. මේ සියල්ලෙහි ක්‍රියාකාරීත්වය බිහිවනුයේ මානසිකවය. එබැවින් මාපියන්ට දරුවන්ගේ මානසික ගැටලු හඳුනා ගත හැකි නම් ඊට අදාළ ලෙස ප්‍රතිචාර දැක්වීමට ඔවුනට හැකිවේ.
මෙම කෘතිය ඒ ඒ වයස් සීමාවන්හි දරුවන්ගේ මානසික ස්වභාවයන් හඳුනා ගැනීමටත් ඒවා හමුවෙහි කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද යන්න අවබෝධ කොට ගැන්මටත් මාපියන්ට උපකාර් වන මනා අත්පොතක් බඳු වේ.
Out of stock








Reviews
There are no reviews yet.