Keheli.lk

15% OFF

Labim nolabim-ලැබීම් නොලැබීම්

රු569.50

මෙම කෙටි නවකතාව මගින්, වින්ගීස් අයිත්මාතොව් නමැති කීර්ගීස් ජාතික කීර්තිමත් කතුවරයා, පාඨකයා කැඳවාගෙන යන්නේ, ලෝකයේ පියස්ස වන පාමීර් තැන්න වෙතය. ඔහු පාඨකයාට මුණගස්වන්නේ, ගමක්, ගෙයක් දොරක්, මවක, පියකු, නැදෑයකු නැති තරුණ ලොරි රියදුරෙකි.
ඔහුගේ ජීවිතයේ ඉරණම වෙනස් කරන්නේ, අසෙල්, සමත්, බයිටෙමීර්, කදීවා ආදී කොට ඇති සාහිත්‍ය ලෝකයේදී මීට පෙර අපට හමු නොවුණු චරිත පෙළකි. ඔවුන් සියලු දෙනාගේම කතාන්තරය පසුපස ඇත්තේ, කෝටි සංඛ්‍යාත මිනිස් කැලක් කුරිරු ලෙස බිලිගත් දෙවැනි ලෝක මහා සංග්‍රාමයයි.
ඉංගිරිසි බසට නැගුණු පසුවද, අතිශයින්ම ප්‍රසාදජනකද, ආස්වාදජනකද වන අයිත්මාතෝට්ගේ අනනුකරණීය ගද්‍ය රීතියෙහි උණුසුමද, නැවුම්බවද සුරකිමින් මෙම පරිවර්තනය නිමවන්නේ, සිංහල වාග් සම්ප්‍රදාය මැනවින් හඳුනාගෙන ස්වකීය ලේඛනයෙහි යෙදෙන ප්‍රවීණ සාහිත්‍යවේදියකු වන ඩබ්ලියු.ඒ.අබේසිංහය.

Reviews

There are no reviews yet.

Be the first to review “Labim nolabim-ලැබීම් නොලැබීම්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat