Kuruduwaththe guru yuwathiya-කුරුඳුවත්තෙ ගුරු යුවතිය
රු765.00
තම තෙමහල් මන්දිරයේ දැසි – දස්සන් පිරිවරා අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මුදලිගේ බාහුවට පිහියෙන් අනින ලොකු පුතා, රූමත් සේවිකාවද සමඟ ඉන්දියාවට පිටුවහල් කරනු ලැබ, එහිදී දිළිඳු ජීවිතයක් සතුටින් ගෙවා, තම පුතා විශේෂඥ දොස්තර වරයෙකු කරයි. යාබද නිවසේ තරුණයා තාත්තාගේ පූජා කාමරයේ සියලු දේව ප්‍රතිමාවන්ගේ හිසට පොළු පහර දී පලා, කඩා මලයාවට පලා ගොස් වරින් වර ආගමද මාරු කරමින්, දියණිවරුන් තිදෙනෙක් භද්‍ර බිරියද සමඟින් ලංකාවට එවයි. හෙණ පහර ලෙසින් එන විවිධ පණිවුඩ හා දකින දකුම් උපේක්ෂා සිතින් ඉවසා මුදලි බිරිය නල්ලම්මා, ජීවිතය ඔහේ ගතවන්නට හරියි.
ඒ.ඊ. ගුණසිංහයන්ගේ වෘත්තීය සංගම් හා ලංකා ජාතික කොංග්‍රසයේ උද්ඝෝෂණ මැද්දේ,ඩොනමෝර් කොමසාරිස්වරු තම ආණ්ඩුක්‍රම යෝජනා ඉදිරිපත් කරති. තමන්ගෙන් ඉගෙනීම ලබන බාලිකාවන්ගේ සුබ සෙත පමණක්ම පතන ලෝට්න් මෙනවිය, මීසම් පාසැල ධර්මානුකූලව මෙහෙයමින්, ඉහළ තැන්වලින් ගරු නම්බු ලැබුවා, දරුකමට හදාගත් අනාථ දියණිය නැන්සි වැඩී වියපත්ව වෙනත් සතුටක් සොයා ගනු දැක්කා, තමා මෙනෙවි මට්ටමෙන්ම විශ්‍රාම ගොස් ලෙඩ ඇඳට වැටෙන්නීය.
උඩින් පෙන්වන මහේශාක්‍ය, ශිෂ්ට සම්පන්න බවට යටින් දුවන අවලම් ජීවිතය ‘ සියළු මහ මුදලිකම් ඇත්තේ පෙකණියට ඉහළින් පමණක් බව පෙන්වමින් තම දක්ෂ රචනා ශෛලිය යොදා කියන ශ්‍යාම් සෙල්වදොරේගේ මේ අපූරු නිබන්ධනය. සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන ඔහුටම ආවේණික පරිවර්තන කලාවකින් රසවත්ව ඔබ වෙත ඉදිරිපත්කරයි.
– සමුද්‍ර වෙත්තසිංහ
Reviews
There are no reviews yet.