10% OFF
Kuru saha wenath katha – කුරු සහ වෙනත් කතා
රු550.00 රු495.00
පවිත්‍රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක්රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම් ලැබිය යුතුය. පවිත්‍රා භාෂාවට තමන්ව හසුරුවන්නට ඉඩ නොදී ඉතාමත් පහසුවෙන් තමන් විසින් භාෂාව වසඟයට ගෙන ඇති හෙයිනි.
තම පළමු කෙටිකතා සමුච්චයෙන්ම දිගු දුර පිම්මක් පනින්නට ඈ සුදුසුකම් ලබා ඇතැයි මා සිතන්නේ එහෙයිනි. පාඨකයාගේ අවධානය දිනා ගැනීමත්, කුතුහලය පවත්වා ගැනීමත්, රසවත් කතාවක් කීමත් එකවර කළ හැකි පහසු භාෂාමය බලයකුත්,අපූර්ව භාෂා ශක්යතාවකුත් පවිත්‍රා සතුව නොඅඩුව තිබෙන බව කිව යුතුය.
-කාංචනා අමිලානි
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
-
10% OFF

Out of stock
Read moreShreshta lekakayange wishishta keti katha-ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා
කෙටිකතාරු650.00රු585.00 -
10% OFFRead more

Out of stock




Reviews
There are no reviews yet.