Keheli.lk

20% OFF

Kunatuwen Upatha Laddo-කුණාටුවෙන් උපත ලද්දෝ

රු480.00

පළමු ලෝක සංග්‍රාමයෙන් ඇලළීගිය යුරෝපා මහාද්වීපයේ පැරණි රාජ්‍යයන් බිඳවැටීමේත් නව රාජ්‍යන් බිහිවීමේත්, පැරණි රාජ්‍ය පාලන ක්‍රම බිඳවැටීමේත් නව පාලන ක්‍රම බිහිවීමේත් දැවැන්ත ක්‍රියාදාමයක් සිදුවන අතරවාරයේ ඒ සියල්ලට මැදි වූ, ඔස්ට්‍රො-හංගේරියානු අධිරාජ්‍යයටත් පෝලන්තයටත් යාබදව පිහිටි, උක්රයීනයට අයත් රුසියානු අධිරාජ්‍යයේ වොලීන් නම් කෝරලයේ, 1917 විප්ලවයෙන් පසු ඇතිවන සිවිල් යුද්ධය හා විදේශ ආක්‍රමණ තත්ත්වය යටතේ බොල්ෂෙවික් විප්ලවවාදී ව්‍යාපාරය ක්‍රියාත්මක වූ ආකාරය, එම විප්ලවීය ව්‍යාපාරයට සම්බන්ධවූවන්ගේ දෘෂ්ටියෙන් විවරණය කෙරෙන ‛කුණාටුවෙන් උපත ලද්දෝ’ වනාහි, සිය පළමු නවකතාව වන වානේ පන්නරය ලැබූ හැටි’ කෘතියෙන් විශ්වකීර්තියට පත් නිකොලායි ඔස්ත්‍රෝව්ස්කි යොවුන් ලේඛකයාගේ අවසාන සාහිත්‍ය නිර්මාණයයි.
දරුණු රෝගාබාධයක් විසින් සදහටම ඇඳටම බැඳ තබන ලද නිකොලායි ඔස්ත්‍රෝව්ස්කි, සිය දෑස් පෙනීමද මුළුමනින් අවහිරව තිබියදී, කොටස් තුනෙකින් සැලසුම් කළ මෙම නවකතාවේ පළමු කොටස නිමාවට පත්කර, එහි දෙවැනි කොටසේ පළමු පරිච්ඡේදය ලියමින් සිටියදී, දෙතිස් හැවිරිදි වියේදී මියගියේය. මේ ඔබ ඇත රැඳී තිඛෙනුයේ, ඔහුගේ දෙන භූමිදාන කළ අවස්ථාවේ, කඩිනමින් මුද්‍රණය කරවා, අවමංගල්‍යයට සහභාගී වූවන් අතර බෙදා දෙන ලද ඔහුගේ එම නොනිමි නවකතාවේ සිංහල පෙරැළියයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Kunatuwen Upatha Laddo-කුණාටුවෙන් උපත ලද්දෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat