Keheli.lk

10% OFF

Kolaniye nayo-කොලනියේ නෑයෝ

රු819.00

දෙවන අග්බෝ රජු (ක්‍රි.ව. 597 – 607) විසින් කරවන ලද ඓතිහාසික ගංතලා වැව හෙවත් කන්තලේ වැව හෙළ වාපි ශිෂ්ටාචාරයේ ප්‍රකට මංසලකුණකි. එහෙත් නූතනයේ කන්තලේ ප්‍රකට වන්නේ මෙම වැව නිසා පමණක් නොව කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය හා එහි ඇරඹි සීනි කම්හල ආදිය හේතු කොට ගෙනය.
කන්තලේ මෙන්ම සෙසු ගොවි ජනපද ව්‍යාපාර තුළ දැකිය හැකි එක් ප්‍රධාන ලක්‍ෂණයක් වන්නේ එහි වූ අපූරු උප සංස්කෘතියයි. ඊට හේතුව වූයේ එකිනෙකට වෙනස් වූ උප සංස්කෘතීන්ට අයත් විවිධ ප්‍රදේශවල ජීවත් වූ පාරම්පරික ගොවි පවුල් මෙම ගොවි ජනපද ව්‍යාපාර තුළ පදිංචි කිරීමය.
කන්තලේ කොලනියක ඉපිද එහිම හැදී වැඩි ජීවත් වන උපනන්ද වැලිකලයන් තම ජීවන අත්දැකීම් ඇසුරින් රචිත ‘තාත්තාගේ පරපුර හෙවත් කොලනියේ නෑයෝ නම් වූ මෙම කෘතිය කොලනි උප සංස්කෘතිය පිළිබඳ සිදු කළ අගනා විමර්ශනයකි. මෙය කොලනි උප සංස්කෘතිය පිළිබඳ වූ අපූරු සමාජ, සංස්කෘතික හා මානව විද්‍යාත්මක අගයකින් යුතු අප්‍රකට තොරතුරු රැසකින් පිරි කෝෂ්ඨාගාරයක් ද වන්නේය. එමෙන්ම කතුවරයා මෙහිදී උපයෝගී කරගෙන ඇත්තේ සරල සුගම ළගන්නා බස් වහරකි.
මෙවැනි අගනා කෘතියක් පාඨකයින් වෙත තිළිණ කළ සම්මානනීය කලාකරු උපනන්ද වැලිකලයන් හට අපගේ ආශිර්වාදය මෙන්ම ප්‍රශංසාව ද හිමි විය යුතුය.

-ගුණසේකර ගුණසෝම

Reviews

There are no reviews yet.

Be the first to review “Kolaniye nayo-කොලනියේ නෑයෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat