Kaduyaya Apasu Heri Beluwema Netha කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත
රු440.00
කීර්ති එස් කුමාරගේ නොනිදන පන්හිඳ…..
දිගු කලක් පූර්ණ කාලීන ව පුවත්පත් කලාවෙහි නියැළීමට තරම් ඔහු ලිවීමේ කලාවට පෙම් බැන්දේය.
අප සහෘද හිතවතා කවිය අත නොහැර දිගු කලක් තිස්සේ කාව්‍යකරණයෙහි නියැළී සිටීම සතුට දනවන්නකි.
කවියා කිසියම් තෝරාගත් කාව්‍ය රීතියක සිර නොවී නිදහස් මනසින් කටයුතු කරන්නකු බව දැනේ.
ප්‍රේමය ප්රස්තූත කරගෙන කීර්ති ලියන කවි ද සෞන්දර්යයෙන් අනුන ය.
කීර්තිගේ කාව්‍යාවලිය පුරාම දිවයන සෞන්දර්ය ප්‍රවාහය ජීවිතයට සමීප වෙයි. මෙය මිනිස් දිවියෙන් වියෝ වූවක් නොව ජීවිතයෙහි ම පිළිබිඹුවකි.
හොඳ කවියකු සතු විය යුතු අව්‍යාජත්වය, නම්‍යශීලී බව කීර්තිගේ කාව්‍ය චාර්කාවෙන් ද දැනේ.
මට හැඟෙන්නේ බොහෝ කාලයක් මිනිස් සමාජයෙහි ද,
මාධ්‍ය සහ සංස්කෘතික ක්‍රියාකාරකම්හි ද සැරිසැරීමෙන් ලද අත්දැකීම් සමුදාය – කාව්‍ය ප්‍රවාහයක් ව කීර්තිගේ පන්හිඳට අලුත් පණක් දෙන්නට පටන් ගෙන ඇති බව ය.
කීර්ති එස් කුමාරට සුබ පැතුම්!









Reviews
There are no reviews yet.