Keheli.lk

10% OFF

Hiru yata maru-හිරු යට මරු(Agatha christie)

රු405.00

අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්‍ෂක කථා රැජින ලෙසය. ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. හෝටල් භූමියට සුරූපී ආර්ටිනා මාර්ෂල් පය තැබු වේලේ සිට හැම දෙනා කතා වුයේ පිරිමින් වහ වැටී සිටි ඇගේ කාමාශක්ත දේහ විලාශය ගැනය. පසු දින උදය වරුවේ ඇය වැතිර සිටින්නේ වෙරළේ අන් අය නොගැවසෙන කොටසකය. තම මෝහනීය රන් පැහැ දේහය වැල්ලේ දිගාකොට මුනින් අතට හැරී ඇය මේ සිටින්නේ හිරුගේ උණුසුම විඳිමින් නම් නොවේ.
ගෙල සිරකොට ඇයව මරා දමා ඇත.
මේ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ විවිධ අදහස් පල කරන සංචාරක අමුන්තෝ ඊට පොදු හේතුව ලෙස ආර්ලිනාගේ අසීමිත ආශාවන් දක්වා සිටිනි. අපරාධය කළ අය හැටියට දහසය වියැති දැරියක්, තවත් අවිවාහක ව්‍යාපාරිකාවක් ඇතුළු පිරිමිහු කීප දෙනෙක් ගැන සැක පහල කෙරේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් මීට සම්බන්ධ යැයි සිතන ප්‍රධාන පොලිස් පරීක්ෂක කර්නල් වෙස්ටන්, මේ ගුප්ත සිද්ධිය සෙව්මට ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය කැඳවන්නට සිතන නමුදු බෙල්ජියානු උත්පත්තියක් ඇති රහස් පරීක්ෂක පොයිරෝ තම සියුම් කල්පනාව මෙහෙයවා සියලු රහස් අනාවරණය කර ගනී.

Reviews

There are no reviews yet.

Be the first to review “Hiru yata maru-හිරු යට මරු(Agatha christie)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat