Giribala samaga thawath katha 24k- ගිරිබාලා සමඟ තවත් කතා 24ක්
රු530.00 රු477.00
ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්ගේ තවත් විශිෂ්ට කෙටිකතා විසි පහක් මෙම කෘතිය හරහා මෙලෙස ඔබට තිළිණ කර ඇත. මෙම කතා අතුරින් බහුතරයක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පළ වී නැත. අන්තර් ජාතික රසික පාඨක ප්‍රජාවේ වෙසෙස් අවධානයට ලක්වූ මේ කතා තාගෝර්ගේ කෙටිකතා කලාවේ අපූර්ව නිර්මාණ චාතූර්ය විදහාපාන විචාරක ප්‍රසාදය දිනාගත් කතා සේද නම් කළ හැක.
‘රබීන්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ට කෙටිකතා – 2 ගිරිබාලා සමග තවත් කතා විසි පහක්’ නම් වූ මේ කතා සරණිය සාහිත්‍ය නිර්මාණයට පිවිසෙන්නට අපේක්ෂාවෙන් සිටින ආධුනික මෙන්ම ප්‍රවීණ ලේඛකයින්ට කදිම පූර්වාදර්ශ සපයන අත්පොතක් වනවාට සැකයක් නැත. තවද මනුෂ්‍ය ජීවිතයේ ඇතුළාන්තය සුනිසිත් නැණින් ගවේෂණය කරන්නට රුචි කරන පාඨක සඤ්ජනයින්ගේ මනස පමණක් නොව, භාව ඉන්ද්‍රියන්ද සනහන ජීවන කතාවලින් ආඪ්‍ය මිනිස් වියමන් පොදියක් ලෙසද මේ කතා සංග්‍රහය අර්ථගැන්විය හැකිය.
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
-
10% OFF

Out of stock
Read moreShreshta lekakayange wishishta keti katha-ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා
කෙටිකතාරු650.00රු585.00 - Add to cart






Reviews
There are no reviews yet.