Keheli.lk

10% OFF

Gini Gath Sada-ගිනි ගත් සඳ

රු1,125.00

අයි. එස්. ත්‍රස්තවාදීන්, නාදියා පැහැරගෙන, වහලියක බවට පමුණුවා බලෙන් දූෂ්‍ය කර, කුරිරු වධ හිංසා දී, එකම දිනකදී ඇගේ පවුලේ සාමාජිකයන් හත්දෙනෙකු ඝාතනය කර, ඈ නිහඬ කිරීමට සිතුවාට කිසිදු සැකයක් නැත.
එහෙත් නාදියා නිහඬව සිටීම ප්‍රතික්ෂේප කළාය. ඈ සිය ජීවිතයට කළු පැල්ලම් එක්කළ ලේබල්වලට එරෙහිව නැඟී සිටියාය; අනාථයෙක්, ලිංගික වින්දිතයෙක්, වහලියක්, සරණාගතයෙක්. ඒ වෙනුවට නව වටිනාකම් ඈ වටා ගොඩනැඟිණි. ගැලවුම්කාරියක්, යසිඩි නායිකාවක්, කාන්තා ක්‍රියාකාරිනියක්, එක්සත් ජාතීන්ගේ යහසාධන තානාපතිනියක්, දැන් වන විට නොබෙල් සාම ත්‍යාගලාභිනියක්.
ඉකුත් කාල පරාසය තුළදී ඈ සිය හඬ අවදි කළා පමණක් නොව මිනිස් සංහාරයේ වින්දිතයන් බවට පත් සියලුම යසිඩින්ගේ, අපයෝජනයට ලක්වූ සියලුම ස්ත්‍රීන්ගේ, යනඑන මං නැතිවූ සියලුම සරණාගතයන්ගේ හඬ බවට පත්වූවාය.
සාහසිකත්වය මඟින් ඇය නිහඬ කිරීමට හැකිවේ යැයි සිතූ පිරිසට වැරැදී ඇත. නාදියා මුරාද්ගේ ජීව ගුණය නොසැලී නොබිඳී පවතී. ඇගේ හඬ කිසි විටෙකත් ගොළු කළ නොහැකිය. ඒ වෙනුවට මෙම කෘතිය තුළින් ඇගේ හඬ අන් කවරදාකත් වඩා කුළුගැන්වී මහා හඬක් නඟනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Gini Gath Sada-ගිනි ගත් සඳ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat