Ema-එමා
රු320.00
අන්ධ තරුණියක හා ඇයට කණවැල ඇල්ලූ දයාබර බැල්ලක පිළිබඳ සුන්දර අත්දැකීම්
මම එමාට පාර මාරු වීමට අණ කළෙමි. අපි අඩි දෙකක් පමණ ගිය සැණින් එමා නැවතුණා ය. ඇය ඇයගේ මුළු වෙර යොදා මා පසු පසට ඇද්දා ය. ඇය මෙසේ කරන්නේ මන්දැයි අවබෝධ කර ගත නො හැකි වූ මම ඇය ව වළක්වමින් “එන්න එමා. බයවෙන්න එපා” යනුවෙන් පැවසුවෙමි. නමුත් එමා තුළ වූ කලබලකාරී තත්ත්වය පහ වූයේ නැත. අප මා ඉදිරියට ගමන් කළ යුතු බව මගේ තීරණය විය. එසේ ගමන් කර සියල්ල පැහැදිලි බව එමාට හැඟවීමට මට අවශ්‍ය විය. එසේ ම අප පාර පනින තුරු නො ඉවසිල්ලෙන් බලා සිටින බසයේ හෝ බර වාහනයේ එන්ජිමේ ශබ්දය ද මට ඇසේ. මම ද ඉදිරියට ඇදුණෙමි. එවිට ම එමා කිසිවිටකත් විශ්වාස කළ
නො හැකි දෙයක් කළා ය. ඇය මා ඉදිරියට පැන මා ආපසු තල්ලු කළේ, මා මාර්ගය අද්දරට පෙරළමිනි. ඒ සමඟ ම ඉතාමත් වේගයෙන් අප ඉදිරියෙන් ගමන් ගත් වාහනයක ශබ්දය මගේ දෙසවන ගැටිණි. තවත් සෙන්ටිමීටර් දෙකක දුරක් මං ගමන් ගත්තේ නම්, එමා මා නවතා නො ගන්නට මගේ මරණය නිසැක ය.
Out of stock






Reviews
There are no reviews yet.